විද්‍යුත්-වාණිජ්‍යය, ජාත්‍යන්තර වෙළෙදාමට ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝලීය විද්‍යුත්-වාණිජ්‍යය භාවිතයෙන් සිදු කරන ලද විකුණුම් 2023 වසරේ දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.9 සිට 2026 වසරේ දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 8.1 දක්වා ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් විද්‍යුත්-වාණිජ්‍යය භාවිතා කරනුයේ ඉතා සුළු ප්‍රතිශතයක් පමණි. Daraz සහ SLASSCOM (Sri Lanka Association for Software Services Companies) සහයෝගීත්වයෙන් රටපුරා සිදු කරන ලද සමීක්ෂණයකට අනුව පැහැදිලි වන්නේ, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 61%ක් ම විද්‍යුත් -වාණිජ්‍යය භාවිතා නොකරන පුද්ගලයින් ලෙසයි. එනම් ඔවුන් – අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සහ විකිණීම් වල නිරත නොවන පුද්ගලයින්ය. කෙසේ වෙතත්, විද්‍යුත්- වාණිජ්‍යය මෙරට ව්‍යාපාරවල වර්ධනය සඳහා, විශේෂයෙන් ම දේශීය වෙළෙඳපොළේ වර්ධනය සඳහා අවස්ථාවන් නිර්මාණය කරයි.
විද්‍යුත්-වාණිජ්‍යය ජාලයන් සහ එම සේවාවන් භාවිතා කිරීම (Utilize E-Commerce Platforms and the Services they provide)
විද්‍යුත්-වාණිජ්‍යය ජාලයන් ව්‍යාපාර සඳහා දේශීයව මෙන්ම ජාතික සීමාවන් ඉක්මවා තම වෙළෙඳපල පුළුල් කිරීමට අසමසම අවස්ථා ලබා දෙයි. මෙමගින් ඔවුන්ට ජාත්‍යන්තර ඉල්ලුමට අනුකූලව මෙන්ම ජාත්‍යන්තර වෙළෙදපලේ සිටින අනෙකුත් ව්‍යාපාරිකයන් හා එක්ව පුළුල් ලෙස වෙළෙද කටයුතු කිරීමේ හැකියාව සලසයි. තවද, විද්‍යුත්-වාණිජ්‍යයේ පුළුල් ප්‍රවේශය උපයෝගී කර ගැනීමෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ඔවුන්ගේ වර්ධනය සඳහා නව මාර්ග විවෘත කිරීමට, තම වෙළෙද සන්නාමයන් (Brands) ජාත්‍යන්තර වෙළෙදපල තුළ ස්ථාපිත කිරීමට සහ ඔවුන්ගේ ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීමට ද හැකියාව ලැබේ.
උදාහරණ වශයෙන්, කප් රුක (Kapruka) ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලයට අමතරව, රට පුරා පිහිටි මධ්‍යස්ථාන 65කින් අවසාන සැපයුම් බෙදාහැරීමේ සේවා සපයන කාර්‍යොපායන (Logistics) සන්නාමයක් වන “ග්රාස්හොපර්ස්“(Grasshoppers) හරහා සිය සේවාවන් පුළුල් කර ඇත. එපමණක් නොව කප් රුක, විවිධ රටවල් සමග සිදු කරන වෙළෙදාම (Kapruka Cross Border) හරහා, ඇමර්සන් (Amazon) සහ ඊ-බේ (eBay) ක්‍රියාත්මක වන සියලුම කලාප තුළ ශ්‍රී ලාංකේය සන්නාමවලට ගෝලීයව ප්‍රවේශ වීමට අවස්ථාවන් සලසා ඇත.
සමාජීය සහ පාරිසරික යන දෙඅංශයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) තම ව්‍යාපාර පුළුල් කර ගැනීමට උපකාරී වන පොදු වෙළෙදපලක් ලෙස, Good Market තවත් උදාහරණයක් වේ. Good Market විසින් ගෝලීය ගැනුම්කරුවන් සමඟ වෙළෙඳුන් සම්බන්ධ කරන ඩිජිටල් ජාලයක් ද නිර්මාණය කර ඇත. නැගී එන ව්‍යවසායකයන්ට ඇමර්සන් (Amazon) සහ ඊ-බේ (eBay) වැනි ගෝලීය වෙළෙදපල ක්ෂේත්‍රයට පිවිසීමට පෙර, ඒ පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සහ විශ්වාසය ගොඩනගා ගැනීමට Daraz වැනි ආයතනවලින් සහය ලබා ගත හැකිය. මේ හරහා ව්‍යවසායකයන් තුළ විශ්වාසය ගොඩ නැගෙනවා පමණක් නොව අවසානයේ ඔවුන්ගේ ම ස්වාධීන වෙබ් අඩවි සකසා ගැනීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබේ.
ව්‍යාපාර සදහා වැදගත් වන කරුණු (Business Tips)
විද්‍යුත්-වාණිජ්‍යය, ව්‍යාපාර හැසිරෙන ආකාරය වෙනත් මානයකට යොමු කර ඇති අතර, භූගෝලීය සීමාවන්ගෙන් ඔබ්බට ව්‍යාපාර වර්ධනය සඳහා නව මංපෙත් විවර කර ඇත. ව්‍යාපාර වලට රටවල් අතර වෙළෙඳාම් (Cross border business) සිදු කිරීමේදි සලකා බැලිය යුතු තීරණාත්මක උපදෙස් කිහිපයක් පහත පරිදි වේ:
1. ගෝලීය වෙළෙදපලට පිවිසීමට පෙර, ඔබ දේශීය වෙළෙදපොලේ ශක්තිමත් අඩිතාලමක් ඇති කර ගත යුතුය. මෙය දේශීය සැපයුම් දාමයන් (Domestic Supply Chains) පිළිබඳ වැදගත් අවබෝධයක් ලබා ගැනීමට, ඒ සදහා අවශ්‍ය කරන සහතික පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සහ සංකීර්ණ රෙගුලාසි තේරුම් ගැනීමට ඉඩ සලසයි. එමෙන් ම, දේශිය වෙළෙදපල තුළ ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමට, හා ජාත්‍යන්තර වෙළෙදපලේ දී ඇති විය හැකි ගැටළු සඳහා ද සූදානම් කරවයි.
2. දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමින් විද්‍යුත්-වාණිජ්‍යය දෙසට යොමු කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස පරිමාණ කිරීම (Scaling) දැක්විය හැකිය. විද්‍යුත්-වාණිජ්‍යය නිසැකවම ඇණවුම් ප්‍රමාණයන් ඉහළ නන්වමින් පාරිභෝගික තෘප්තිය සහතික කරන අතරම, ඉහළ යන ඉල්ලුමට බාධාවකින් තොරව භාණ්ඩ සැපයීමට ව්‍යාපාර සිය නිෂ්පාදන ධාරිතාව කාර්‍යක්ෂම ලෙස ඉහළ නැන්විය යුතුය. පුළුල් වෙළෙඳපලක් අත්පත් කර ගැනීමේ ගමන ආරම්භ කිරීමට පෙර ධාරිතාව සීමා කිරීම් සහ අවශ්‍ය ඉල්ලුම හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
3. ව්‍යාපාර ඔවුන්ගේ ඉලක්කගත වෙළෙදපොලට අදාළ සැපයුම් දාමයේ (Supply Chain) විවිධ ක්ෂේත්‍ර සමග ගැලපෙන ලෙස අන්තර්ජාතික ජාලයන් මත තම නිෂ්පාදන ලැයිස්තුගත කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය ජනප්‍රිය විද්‍යුත්-වාණිජ්‍යය වෙළෙපලවල සිට විශේෂිත වූ ජාලයන් දක්වා පුළුල් පරාසයක පැවතිය හැකිය. අපේක්ෂිත පාරිභෝගික ඉල්ලුම් රටාවන්ට ගැලපෙන ලෙස, ව්‍යාපාර තම පැවැත්ම සකස් කර ගත යුතු වේ. වෙළෙදපල සන්නාමයේ (Business Brands) හා ජාලයන්ගේ පැවැත්ම විවිධාංගීකරණය (Diversify) කිරීමෙන්, එම වෙළෙදපලවලට ඇතුළ් වීමේ අවස්තා වැඩි කරයි.
4. ඵලදායී සන්නිවේදනයේ දී (Effective Communication) භාෂාව ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ඉලක්ක වෙළෙදපල සමඟ හැඩගැසීමට හා අනාගත ගනුදෙනුකරුවන්ට පහසු භාෂාවලට අන්තර්ගතය පරිවර්තනය කිරීමට කටයුතු කිරීමට එය බෙහෙවින් උපකාරී වේ. මෙය නිෂ්පාදනවල විස්තර පමණක් නොව වෙබ් අඩවි අතුරුමුහුණත් (Web Interface), පාරිභෝගික සහාය සහ අලෙවිකරණ ද්‍රව්‍ය දක්වා ද විහිදේ. දේශීය භාෂාවේ ප්‍රවීණයෙකු වන වෘත්තීය පිටපත් රචකයෙකුගේ සහය ලබා ගැනීමෙන්, තම සන්නාමය වෙබ් අඩවිය හරහා ලබා දෙන පණිවිඩයට වඩාත් නිරවද්‍යතාවයක් ලබා දිය හැකිය.
5. විද්‍යුත්-වාණිජ්‍යයේ වේගවත් වර්ධනයත් සමග ව්‍යාපාරයට අදාළ ක්ෂේත්‍රය තුළ කාර්‍යක්ෂමව කටයුතු කිරීම ද වැදගත් වේ. පාරිභෝගික විමසීම්, ඔවුන් උනන්දු වන දෑ සහ ඔවුන්ගේ ඇණවුම් වලට ප්‍රතිචාර දැක්වීමට ද උනන්දු වීම පිළිබද සලකා බැලිය යුතුය. ඉක්මන් ප්‍රතිචාර ලබා දීම සහ එක් එක් පුද්ගලයන් අතර ගොඩනැගෙන අන්තර්ක්‍රියා (Interactions) ව්‍යාපාරය පිළිබද විශ්වාසය ගොඩනඟයි. එය පාරිභෝගික තෘප්තිය වැඩි කරන අතර ධනාත්මක ලෙස ගැනුම්කරුවන් අතර කතාබහට ලක් වේ. විවේක වේලාවන්හිදී පවා ප්‍රතිචාර දැක්වීම සඳහා චැට්බොට් (Chatbot) හෝ පාරිභෝගික සේවා මෘදුකාංග ඒකාබද්ධ කිරීම පිළිබදව ද සලකා බැලීමට හැකියාව පවතී නම් එය වඩාත් යෝග්‍යදායක වේ.
නැගී එන ප්‍රවණතා සමඟින් ඉදිරියට යාම (Keeping up with Emerging Trends)
මාර්ගගත විද්‍යුත් වාණිජ්‍යය (Online E-Commerce) සීඝ්‍රයෙන් විකාශනය වන ගෝලීය වටපිටාව තුළ, මාර්ගගත සාප්පු සවාරි (Online Shopping) වෙත ප්‍රවේශ වීමට බොහෝ පාරිභෝගිකයන් උනන්දු වේ. කෘතීම බුද්ධිය (Artificial Intelligence) ප්‍රචලිත වීමත් සමඟ, ව්‍යාපාරවලට තම පාරිභෝගිකයන්ට අවශ්‍ය වන ආකාරයේ සාප්පු අත්දැකීමක් ලබා දීම තවදුරටත් පහසු කර ඇත. ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසෙන ව්‍යවසායන් සඳහා මෙය විශේෂයෙන්ම නිවැරදි වේ. මෙම තාක්ෂණයන් භූගෝලීය සීමාවන් ඉක්මවා තනි පාරිභෝගිකයන් සමඟ ඉතා පහසුව කටයුතු කිරීමට හැකි වන ආකාරයේ, පුද්ගල කේන්ද්‍රීය අත්දැකීම් නිර්මාණය කිරීමට පහසුකම් සපයයි. විවිධ ගෝලීය වෙළෙදපල අවශ්‍යතා සපුරාලීම සඳහා, පාරිභෝගිකයින් තුළ පවතින රුචිකම්, විවිධ වූ ආකාරවලින් යොදා ගත හැකිය. උදාහරණ වශයෙන්, ව්‍යාපාරවලට ඔවුන්ගේ වෙබ් අඩවි ස්ථානගත කිරීමට, අන්තර්ගතය, දෘශ්‍ය සහ භාෂාව නිශ්චිත රටවලට ගැලපෙන ආකාරයෙන් පෙළගැස්වීමට හැකිය. මෙම ප්‍රවේශය වෙළෙදපල සන්නාමය (Business Brand) සහ පාරිභෝගිකයා අතර ශක්තිමත් බැඳීමකට කටයුතු සලසයි. එමෙන්ම, කලාපීය වශයෙන් විවිධ භූගෝලීය ප්‍රදේශවල වෙනස් ඉල්ලීම් සහ රුචිකම් සමඟ සමපාත වන නිෂ්පාදන ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.
ගෝලීය විද්‍යුත්-වාණිජ්‍යය ව්‍යාප්තිය කරා ව්‍යවසායකින් දීර්ඝකාලීනව කටයුතු සිදු කරන යන විට, නව්‍ය ප්‍රවණතා පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටීම ව්‍යාපාරවලට වෙළෙදපළ තුළ රැදී සිටීමට බලපාන තීරණාත්මක සාධකයක් බවට පත් වේ. පාරිභෝගික හැසිරීම්, තාක්‍ෂණික දියුණුව සහ තරඟකාරී උපාය මාර්ගවල වෙනස්කම් වලට අනුගතව සිටීම ව්‍යාපාර, ගෝලීය තරඟකරුවන් සමඟ වේගයෙන් ගමන් කිරීම සහතික කරයි.
ඉදිරි මග (Way Forward)
විද්‍යුත් වාණිජ්‍යයේ විකාශනය සැලකිල්ලට ගනිමින්, ව්‍යාපාර තමන්ගේ විද්‍යුත්-වාණිජ්‍යය ගමන්මග සඳහා ප්‍රමාණවත් වන ආකාරයේ අයවැයක් වෙන් කිරීමෙන් ඊට ප්‍රමුඛත්වය දිය යුතුය. ජාත්‍යන්තර වෙළෙදපල තුළ ප්‍රධාන ධාවකයක් බවට පත්වීම සඳහා පහසුම මාර්ගයක් ලෙස විද්‍යුත්-වාණිජ්‍යය හඳුනා ගත හැකිය. මෙම පරිවර්තනීය මාවත කෙරෙහි වඩාත් ශක්තිමත් ස්ථාවරයක් අනුගමනය කරමින් සමාගම් තම කටයුතු දියත් කළ යුතු වේ. මෙය හුදෙක් භාණ්ඩ වෙළෙදපල අංශයෙන් ඔබ්බට, සේවා වෙළෙදපල අංශය කරා ද විහිදේ. විද්‍යුත්-වාණිජ්‍යයේ පුළුල් ප්‍රවේශය සාම්ප්‍රදායික බාධක බිඳ දමමින් විශාල වෙළෙඳපලක් තුළ කටයුතු කිරීමට, නව ආදායම් මාර්ග නිර්මාණය කිරීමට සහ පාරිභෝගික සබඳතා වැඩි දියුණු කිරීමට අවස්ථා ලබා දෙයි. වඩාත් වැදගත් කරුණ නම්, කොවිඩ්-19 වසංගතය තුළින් ව්‍යාපාර අත්විඳි ගැටලු මගහරවමින් ව්‍යාපාරවලට තම අනාගත වර්ධනය ළගා කර ගැනීමට හැකි සහ බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කළ හැකි ප්‍රවේශයක් ලබා දේ. මෙම උපායමාර්ගික ප්‍රවේශය, දිගුකාලීන සාර්ථකත්වය සඳහා වන ආයෝජනයක් වන අතර එමඟින් ව්‍යාපාරවලට තම ඩිජිටල් සංක්‍රාන්තිය (Digital Transformation) කරා සාර්ථකව ගමන් කිරීමට සහ ඔවුන්ගේ දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීමට ද හැකි වේ.

This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity

කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)
කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...

වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)
විද්‍යුත්-වාණිජ්‍යය, ජාත්‍යන්තර වෙළෙදාමට ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)
විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...