ජාත්‍යන්තර වෙළඳාමේ දී සැපයුම් දාමයට, අනපේක්ෂිත බාධා ඉතා සුළු කාලයක් ඇතුලත හෝ කිසිදු පූර්ව දැන ගැනීමකින් තොරව සිදුවිය හැක. එබැවින්, ජාත්‍යන්තර වෙළඳාමේ දී ව්‍යාපාර විසින් ගත යුතු ඉතා ම වැදගත් තීරණ වලින් එකක් වන්නේ, අදාල වෙළෙඳ ගනුදෙනුවට වඩාත්ම සුදුසු ප්‍රවාහන මාදිලිය තෝරා ගැනීමයි. ඒ අනුව ප්‍රවාහන මාදිලිය තෝරාගැනීමට පෙර, ගනුදෙනු වල වර්තමානයේ පවතින තත්වය දෙආකාරයකට විමසා බැලීම වැදගත්වේ.
මේ අනුව බලන කල, ඔබගේ ව්‍යාපාරයට මෙවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත්, පහත සඳහන් මූලික කරුණු විමසා බැලීම ඉතා වැදගත් වේ.
අපනයනකරුවෙකු මුලිකවම වෙළෙඳ කොන්ත්‍රාත්තුව දැඩි ලෙස අනුගමනය කලයුතු අතර, ඒ සමගම ගැනුම්කරුගේ ඉල්ලීම්ද සලකා බැලිය යුතුය. තම ගනුදෙනුවේ මූලික කරුණු, නිවැරදි භාණ්ඩ ප්‍රමාණය සහ එහි ගුණාත්මකභාවය හැරුණු විට, නියමිත වේලාවට භාණ්ඩ සැපයීම, ගෙවීම් කොන්දේසි (Payment Terms), ජාත්‍යන්තර වාණිජ කොන්දේසි ( INCO Terms ) වලට පූර්ණ අවධානය යොමු කිරීමෙන් නිරවුල් ගනුදෙනුවක් කල හැකිය. යම් හෙයකින් ගනුදෙනුව සිදුවන අතරතුර කාලයේ කොන්ත්‍රාත්තුවේ අන්තර්ගත කරුණු වෙනස් වී ඇත්නම්, ඔබ කොන්ත්‍රාත්තුව සංශෝධනය කළ යුතු වේ. මක්නිසාදයත්, විකුණුම්කරු සහ ගැනුම්කරු කොන්ත්‍රාත්තුවේ අන්තර්ගත කරුණු පිළිපැදීමට නීත්‍යානුකූලව බැඳී ඇති නිසාය. කෙසේහෝ භාණ්ඩ ප්‍රවාහනයට පෙර, ගනුදෙනුවට අවශ්‍ය පරිදි වෙළෙඳ කොන්ත්‍රාත්තුව සංශෝධනය කර ගැනීම, අපනයනකරු සතු වගකීමකි. එසේම, මතක තබා ගත යුතු තව කරුණක් නම්, ඕනෑම වෙලාවක ගැණුම්කරුවෙකු විසින්, ගෙවීම් පැහැර හැරීමේ ඉහළ අවදානමක් අන්තර්ජාතික වෙළඳාම තුළ පැවතිය හැකි බවයි. එමනිසා ඔබ ව්‍යාපාරිකයෙක් ලෙස, සැමවිටම අපනයන ණය රක්ෂණ ආවරණයක් ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. මෙමගින්, අපනයනකරුවන්ට ගෙවීම් ප්‍රමාද වීම්, බංකොලොත් වීම් සහ තවත් අනපේක්ෂිත තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකි වේ.
ඕනෑම භාණ්ඩයක හදිසි මිල/පිරිවැය වෙනස්වීමක් සිදුවුවහොත්, එය ක්‍රියාත්මක කිරීමට පෙර ගැනුම්කරු සහ විකුණුම්කරු පූර්ව එකඟතාවයකට පත් විය යුතුය. විශේෂයෙන් අන්තර්ජාතික වෙළඳාමේ දී, එක් පොදු අවබෝධයක් නම්, මුහුදු මගින් (Sea) නැව්ගත කිරීම, සෑම විටම ගුවන් මගින් ( Air ) ප්‍රවාහනය කිරීමට වඩා ලාභදායී බවයි. උදාහරණයක් ලෙස, ගුවන් සමාගම් ප්‍රවාහන ගාස්තු, භාණ්ඩවල මුළු බර හෝ පරිමාවේ බර මත පදනම්ව තම ගාස්තු අය කිරීම් කරනු ලබයි. (Gross weight or Volume weight). නමුත්, නැව් සමාගම් භාණ්ඩ ප්‍රවාහනය කරන විට, තම ගාස්තු අය කරන්නේ සම්පූර්ණ කන්ටේනරයකට ( container ) හෝ ඝන මීටරයකට වේ ( CBM ). තවද, භාණ්ඩ ප්‍රවාහනයට අමතරව ගමනාන්ත ගාස්තු සහ අධිභාර ගාස්තු අදාළ විය හැක. එබැවින් ඔබේ මුලික නාවික ප්‍රවාහන ගාස්තු අඩු විය හැකි වුවද, ගමනාන්ත සහ අධිභාර, ගබඩා, ප්‍රමාද ගාස්තු යනාදී සියලු ගාස්තු සලකා බලා මුළු පිරිවැය ගණනය කල විට එය ඉතා අධික වියහැක. එම නිසා, මුළු පිරිවැය ගණනය කිරීම ගැනුම්කරුට හෝ කුණුම්කරුට ඉතා වැදගත් වනු ඇත.
භාණ්ඩ ගුවනින් ප්‍රවාහනය කිරීම වේගවත් බවට විවාදයක් නැත. ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට බොහෝවිට දිනක් හෝ දෙක තුනක් පමණ ගත වේ. නමුත් භාණ්ඩ මුහුදු මගින් (Sea) නැව්ගත කිරීමට බොහෝවිට මාසයකට ආසන්න කාලයක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇත. එමනිසා ඔබ භාණ්ඩ මුහුදු මගින් ප්‍රවාහනය කිරීමේදී, අවශ්‍ය පරිසර උෂ්ණත්වයන් සහ අනෙකුත් ප්‍රවාහන කොන්දේසි ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
උදාහරණයක් ලෙස, නැව්ගත කරන භාණ්ඩ වලට උෂ්ණත්ව පාලන බහාලුම් අවශ්‍ය නම් ( Reefer containers ), නිවැරදි රීෆර් ( Reefer ) බහාලුම් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් සීතල දාම කළමනාකරණය අවශ්‍ය නිෂ්පාදන භාණ්ඩ සඳහා ( Cold Chain ), සම්පූර්ණ ප්‍රවාහන සැපයුම් ක්‍රියාවලිය තුළ විශේෂ උෂ්ණත්වයන් ඇති පරිසරයක් අවශ්‍ය වේ. අපි මෙය සීතල දාම කළමනාකරණය ලෙස හඳුන්වමු. (End to End Cold Chain)
කොන්ත්‍රාත්තුවක සෑම විටම නිවැරදි ජාත්‍යන්තර වාණිජ කොන්දේසිය, (INCO Term) සඳහන් කළ යුතුය. වැරදි ජාත්‍යන්තර වාණිජ කොන්දේසි භාවිතා කිරීමන්, ඔබේ ගනුදෙනුව/ව්‍යාපාරය දැඩි අපහසුතාවයන්ට පත් විය හැකිය.
උදාහරණයක් ලෙස, FAS, FOB, CFR, සහ CIF ජාත්‍යන්තර වාණිජ කොන්දේසි අදාල වන්නේ මුහුදු සහ ගංගා ආශ්‍රිතව, නැතහොත් ජලය මත පදනම් වන ප්‍රවාහන මාදිලි වලට පමණක් වන අතර, අනෙක් ජාත්‍යන්තර වාණිජ කොන්දේසි FCA, CPT සහ CIP යනාදිය, බහුවිධ (Multimodel) ප්‍රවාහන මාදිලි සඳහා භාවිතා වේ. කෙසේහෝ බොහෝ ව්‍යාපාර බහාලුම් භාණ්ඩ (Containerised Cargo) සඳහා, බහුවිධ (Multimodel) ප්‍රවාහන මාදිලියක් වන FCA වාණිජ කොන්දේසිය භාවිතා කිරීම වෙනුවට, FOB භාවිතා කරන බොහෝ අවස්ථා ඇත.
එබැවින් බහාලුම් භාණ්ඩ සඳහා (Containerized Cargo) FOB වෙනුවට FCA භාවිතා කිරීම අප විශේෂයෙන් නිර්දේශ කරන අතර, එමගින් භාණ්ඩ වල හිමිකරුට භාණ්ඩ මත වඩා හොඳ පාලනයක් ලබා දෙයි. මීට අමතරව කුමන ජාත්‍යන්තර වාණිජ කොන්දේසිය ඔබගේ වෙළෙඳ ගනුදෙනුවට භාවිතා කළ යුතුද යන්න වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට, ICC නව Incoterms® 2020 රීති පොත බලන්න. ඔබ කැමති නම් ඔබට තවමත් Incoterms® 2010 ද භාවිතා කළ හැක, නමුත් ප්‍රකාශනය කළ වර්ෂය විශේෂයෙන් සඳහන් කිරීමට මතක තබා ගන්න.
වෙළෙඳ ගනුදෙනුවකදී රක්ෂණය ඉතාමත් වැදගත් අංගයක් ඉටුකරයි. එම නිසා කුමන ප්‍රවාහන මාදිලියක් වුවත් (ගුවන් හෝ මුහුදු මගින්), එම ප්‍රවාහන මාදිලියට අවශ්‍ය සියලුම රක්ෂණ ආවරණ/වගන්ති හා ඒවා තම වෙළෙඳ ගනුදෙනුවට අදාළ ජාත්‍යන්තර වාණිජ කොන්දේසියට ගැලපේදැයි හොඳින් බලන්න. තවද අදාළ ජාත්‍යන්තර වාණිජ කොන්දේසියට අනුව, විකුණුම්කරුගෙන් ගැනුම්කරුට භාණ්ඩවල අවදානම සහ අයිතිය පැවරෙන ස්ථාන හඳුනා ගන්න. එවිට, විවෘත අවදානමක් ඇති බව ඔබට හැඟේ නම්, එය අතිරේක රක්ෂණයක් මගින් ආවරණය කිරීමට වග බලා ගන්න.
නවතම Incoterms® 2020 ට අනුව, “CIP” ජාත්‍යන්තර වාණිජ කොන්දේසියට, ‘Institute Cargo Clause A’ වලට අනුකූල රක්ෂණ ආවරණයක් අවශ්‍ය වන අතර, “CIF” සඳහා කලින් පැවති ‘Institute Cargo Clause C ‘ වගන්තිය ප්‍රමාණවත් වන බව මතක තබා ගන්න. තවද, ඔබේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂ කොන්දේසි අවශ්‍ය නම්, ඒවා රක්ෂණ ඔප්පුවෙහි අමතර වගන්ති ලෙස ඇතුළත් කිරීම වඩාත් යෝග්‍ය වේ. උදාහරණ වශයෙන් උෂ්ණත්ව පාලන අවශ්‍යතා, විශේෂ පැටවීම් සහ ගොඩබෑම්, යනාදිය වේ. මේ අනුව විකුණුම්කරු සහ ගැනුම්කරු තම තමන්ගේ වගකීම් සඳහා එකඟ වූ පසු, සියලු ගනුදෙනු පහසුවෙන් කලහැකිවේ.
මේ කරුණු ප්‍රවාහන මාදිලි වෙනස් කිරීමේදී මතක තබා ගත යුතු ඉඟි කිහිපයක් පමණි.
This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...
විද්‍යුත්-වාණිජ්‍යය, ජාත්‍යන්තර වෙළෙදාමට ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...
විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...