ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද?

ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද?

මේ අනුව බලන කල, කොරෝනා වසංගතය මූලික  කරගෙන ශ්‍රී ලාංකික ආර්ථිකයේ සිදු වූ අවපාතයත් සමගම, රටෙහි විදේශ සංචිත මත වන පීඩනය අවම කිරීම සදහා ප්‍රතිපත්ති සම්පාදක ආයතන විසින් 2020 අප්‍රේල් මාසයේ සිට ආනයන පාලන පියවරයන් ක්‍රියාවට නැංවූ අතර ඒවා තවදුරටත් රට තුල ක්‍රියාත්මක වේ. ඒ අනුව, 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන්, 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා අතිවිශේෂ ගැසට් පත්‍ර 45ක් නිකුත් කර ඇත.

වෙනස්වන වෙළෙද රෙගුලාසීන්ට ගැලපෙන පරිදි ව්‍යාපාර අනුගතවීමේදී සලකා බැලිය හැකි කරැණු කිහිපයක් මෙම ලිපිය තුලින් සාකච්ඡා කිරීමට අපි කැමැත්තෙමු. 

වෙනස්වන වෙළෙද රෙගුලාසි අනුව වෙළඳාම අනුගත වීම වැදගත් වන්නේ ඇයි?

ක්ෂණිකව සිදුවන ආනයන අපනයන සීමා කිරීම් ජාත්‍යන්තර වෙළෙඳාමේදී වෙළෙද පාර්ශවයන්ට අවාසිදායක බව අවිවාදාත්මකය. භාණ්ඩ තොග ආනයන හෝ අපනයන බොහෝ දුරට සිදු වන්නේ නිසි සැපයුම් දාමයන් ගොඩ නැගීම අරමුණුකරගෙන මිස ක්ෂණික පරිභෝජනය සඳහා පමණක් නොවේ. නිසි සැපයුම් දාමයක් ගොඩ නැගීම වෙනුවෙන්, ඇතැම්  විට දීර්ඝ කාලින සැලසුම් කිරීමක් අවශ්‍ය වන අතර, එක් නැව්ගත කිරීමක් යනු සමස්ත සැපයුම් දාමයේ එක් ක්‍රියාකාරකමක් පමණක් විය හැකිය.. එබැවින්, ව්‍යාපාරික ප්‍රජාව, මෙම අභියෝග දෙස නවවූ චින්තනයෙන් බැලීම ඉතා වැදගත් වේ.

ඒ අනුව, මෙම ලිපිය තුලින්, සැපයුම් දාම චක්‍රය තුල වැදගත් අංශ කිහිපයක් විශ්ලේෂණය කරයි.

1. දැනට පවතින වෙළෙද ගිවිසුම් නැවත ඇගයීම හා විකල්ප නැවුගතකිරීම් සහ ගෙවීම් ක්‍රම පිළිබඳව ගනුදෙනුකරුවන් සමග සාකච්ඡා කිරීම.

රෙගුලාසිවල  යම් වෙනසක් සිදුවූ විට, එය සමස්ත නැව්තකිරීමේ කාලසටහනට බලපාන්නේද යන්න සොයා බැලීම සඳහා වහාම දැනට පවතින ඇනවුම් නිරීක්ෂණය කිරීම වැදගත් වේ. එමෙන්ම, එම රෙගුලාසි වෙනස්කම් පිළිබඳව, සැපයුම් දාම ජාලයන් සහ  එහි ඇති විය  හැකි බාධාවන් පිළිබද ඔබගේ සැපයුම්කරුවන් දැනුවත් කල යුතුය. 

ඒ අනුව  පවතින ගිවිසුම් පිළිබඳ යළි සාකච්ජා කොට  නැව්ගත කිරීමේ ක්‍රම හෝ   ප්‍රවාහන විධි සහ ගෙවීම් කොන්දේසි සුදුසු පරිදි වෙනස් කරගැනීම ඉතා වැදගත් වේ.

2. ඔබේ සැපයුම් සහ සැපයුම් දාමයේ මූලාශ්‍ර ඇගයීම.

පවතින රෙගුලාසිවල ක්ෂණික වෙනස්වීමක් සිදු වන විට, යම් භාණ්ඩ තොගයක් නැව්ගත කොට ප්‍රවාහන ක්‍රියාවලිය තුල තිබේ නම්, එම භාණ්ඩ ප්‍රමාණය, ඒවායෙහි වටිනාකම මෙන්ම, ගමනාන්ත රට වෙත ලගාවීම සදහා ඉතිරිව ඇති කාලය යනාදී  කරුණු ඇගයීමකට ලක්කොට ඉක්මන් පියවර ගත යුතුය. ඒ අනුව ඔබගේ ගමනාන්තයේ රෙගුලාසි වෙනස් වීම් නිසා හදිසියේ හටගත් ආනයනික ගැටළු නිරාකරණය කරගන්නාතෙක්,  තම භාණ්ඩ  සැපයුම්කරුගේ  රටෙහි හෝ සංක්‍රමණික (Transit) වරායන් වල,  භාණ්ඩ තාවකාලිකව නවතා තැබීම  යෝග්‍ය වේ. ඒ සමඟම භාණ්ඩ ආනයනය කරන රටේ අදාළ බලධාරීන් සමග හැකි විගස සත්භාවයෙන් සාකච්ඡා කොට, එහි ප්‍රගතිය අනුව තම භාණ්ඩ  සාමාන්‍ය පරිදි රේගුවෙන් මුදාගත නොහැකි නම්, එම   භාණ්ඩ  වෙනත් සමීප වරායකට හරවා යැවීම හෝ  ප්‍රති අපනයනය කිරීමට ඉක්මන් පියවර ගත යුතු වේ.  ඒ මක්නිසාද යත්  ඔබගේ තීරණ  ගැනීමේ ප්‍රමාදය නිසා, ඉතා විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවිය හැකි වන නිසාය.   

මෙම තත්වයන් ඉතා සංකීර්ණ සහ ගැටලුකාරී වන බව නිසා, තීරණ ගැනීමේදී මේ පිළිබඳ විශේෂඥ උපදෙස්  අවශ්‍ය වන බව  තරයේ මතක තබාගන්න.

3. කෙටි දුර "සැපයුම් රටවල් හෝ වෙලඳපොලවල් " වෙත යොමුවීම

මෙය කෙටි කාලීන ක්‍රියාවක් නොවේ, නමුත් අලුත් සැපයුම්කරුවන් සොයා ගැනීමට දරන උත්සාහය ඉතා ප්‍රයෝජනවත් විය හැක. මෙහි අරමුණ වන්නේ භාණ්ඩ ඉතා කෙටි කාලයක් තුල රටවල් හෝ වෙළෙඳපොළවල් අතර වඩා ඉක්මනින් ආනයනය හෝ අපනයනය කළ හැකි වීමයි.  ඒ තුලින්, ක්ෂණිකව සිදු කරන ආනයන රෙගුලාසි වලින් ඔබට වන බලපෑම බෙහෙවින්ම වලක්වා ගත හැක.

4. විවිධ අර්ධ නිමි නිෂ්පාදන භාණ්ඩ සහ විකල්ප අමුද්‍රව්‍ය සලකා බැලීම.

විවිධ රටවලින් හෝ වෙළෙඳපොළ මුලාශ්‍ර වලින් ලබාගතහැකි විකල්ප අමුද්‍රව්‍ය ඔබගේ භාණ්ඩ වලට භාවිතා කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා, භාණ්ඩ හෝ  අමුද්‍රව්‍යවල අඩංගු මුලික ද්‍රව්‍ය ඇගයීමට, ඔබගේ ව්‍යාපාරයේ  පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම් වල උපරිම සහය අවශ්‍ය වේ. කෙසේවුවද මෙය මධ්‍ය හෝ දිගුකාලීන ඉලක්කයක් විය හැකිය. මේ සදහා දැනට පවත්නා සැපයුම් ජාලය පදනම් කරගනිමින් ඒ සඳහා අවධානය යොමු කිරීම ව්‍යාපාර දියුණුවට ඉතා වැදගත් පියවරක් වනු ඇත. මෙය දිගු කාලීන ඉලක්කයක් ලෙස පෙනුනද, උපාය මාර්ගිකව ක්‍රියාත්මක කළහොත්, එය බොහෝ ව්‍යාපාරික ප්‍රතිලාභ ලබා දෙන අවස්තාවක් විය හැකිය

5. දේශීයව සපයාගතහැකි විකල්ප අමුද්‍රව්‍ය හඳුනා ගන්න.

මෙය “දේශීයකරණය” ලෙස හදුන්වන අතර, සැපයුම් දාමයේ සැලකීමට ලක්විය යුතු තවත් වැදගත්  සාධකයකි. මෙය ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍ය වර්ගය මත රඳා පවතී. ඇතැම් භාණ්ඩ සදහා ආනයන සීමා කිරීම් දිගු කාලීනව බලපැවැත්විය හැකි බැවින්, අවම වශයෙන් මූලික අමුද්‍රව්‍ය කිහිපයක්වත් දේශීයව ලබාගත හැකි නම්, එය ව්‍යාපාරයට  ඉතා ලාබදායී අවස්ථාවක් වනු ඇත. නමුත් මේ පියවර නිසි සැපයුම්කරුවන් සොයා බලා, නිසි තත්ව සහතික සහ නිසි කොන්ත්‍රාත්තු සහිතව, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට හැකි පරිදි,  දේශීය සැපයුම්කරුවන් කිහිප දෙනෙකු සංවර්ධනය කිරීම වඩා යෝග්‍යය.

6. ආරක්‍ෂිත තොග පවත්වාගෙන යාම.

අවශ්‍ය පරිදි තොග පවත්වාගෙන යාම පහසු යැයි හැගෙන නමුත් ක්‍රියාත්මක කිරීමේදී  එය ඔබගේ කාරක ප්‍රාග්ධනය කෙරෙහි ඍජුව බලපාන බැවින්, අධික පිරිවැයක් දැරීමට සිදු වනු ඇත.  එබැවින්, ඔබ තොග පවත්වාගැනීමේ කාල සිමාවන් සහ ඊට අදාළ පිරිවැය මෙන්ම, එය ඔබගේ අවසාන නිෂ්පාදනයේ මිල කෙරෙහි සිදුකරනු ලබන බලපෑම තර්කානුකූලව සලකා බැලිය යුතුය. මෙම තීරණය හුදෙක් ව්‍යාපාරයක විවිධ අවස්ථාවන් සහ අවශ්‍යතා සලකා බලමින් එළඹිය යුතු “වාණිජමය” තීරණයකි.

 

මෙම ලිපිය තුලින් අප ඔබට ඉදිරිපත් කරන්නේ, වෙනස්වන ව්‍යාපාරික පරිසරයට අනුගත වීම සඳහා වෙළෙදාමේදී ආයතනයක මූලාශ්‍ර උපාය මාර්ගයෙහි ඕනෑම අවස්ථාවක භාවිතා කළ හැකි ඉඟි කිහිපයක් පමණි. ඉහත කරුණු සලකා බැලීමේදී ව්‍යාපාර විසින්, දේශීය මෙන්ම බහු-සම්භව ප්‍රභවයන් (multi-origin sources) සමඟ,  ඕනෑම වෙනස් වන තත්ත්වයකට  ඔරොත්තු දීමේ හැකියාව ඇති සැපයුම් දාමයන් ගොඩ නගා ගැනීම ඉතා වැදගත් වේ.

This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of 
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity

What is Freight?

ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද?

ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද?

ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද? මේ අනුව බලන කල, කොරෝනා වසංගතය මූලික  කරගෙන ශ්‍රී ලාංකික ආර්ථිකයේ...

by Communications Economy.lkMay 22, 2023
Adapting Business Changes to the Import-Export Control Regulations

Adapting Business Changes to the Import-Export Control Regulations

Adapting Business Changes to the Import-Export Control Regulations To curtail the pressure on the foreign reserves of the country, mainly...

by Communications Economy.lkMay 22, 2023
විද්‍යුත් වාණිජ්‍යයෙහි (e-commerce) හෙට දවස

විද්‍යුත් වාණිජ්‍යයෙහි (e-commerce) හෙට දවස

විද්‍යුත් වාණිජ්‍යයෙහි (e-commerce) හෙට දවස කොවිඩ් වසංගතයෙන් අනතුරුව මෙන්ම වසංගතය පැවතුනු කාල පරිච්ඡේයේදී   පවා විද්‍යුත් වාණිජ්‍යයෙහි සැලකියයුතු වර්ධනයක් දැකගත හැකි...

by Communications Economy.lkMarch 30, 2023
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Tweet
Share
Share
0 Shares
0
Would love your thoughts, please comment.x
()
x