දෙමුහුන් ව්‍යාපාරික පරිසරය (Hybrid Business Environment)

පශ්චාත්-COVID වසංගතය තුළ සේවා (වැඩකරණ) පරිසරය විප්ලවීය වෙනසකට ලක් වෙමින් දෙමුහුන් ව්‍යාපාරික පරිසරයක් කරා ගමන් කරමින් සිටී. මෙම නව ප්‍රවණතාවය පිලිබඳ කතිකාවත ඉතාම කාලීන වන අතර,අප මුලින්ම දෙමුහුන් ව්‍යාපාරික පරිසරයක ප්‍රධාන ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරමු. දෙමුහුන් ව්‍යාපාරික පරිසරය, මිශ්‍ර ආකෘතියක් (mixed workplace model) ගනී. එතුලින් සේවකයන්ට නම්‍යශීලී සේවා සැපයීමේ අවස්ථාවක් ලබා දෙන අතර කාර්යාලයේ සිට හෝ දුරස්ථ ස්ථානයක සිට රාජකාරි වැඩ කළ හැකිය. එබැවින්, දෙමුහුන් සේවා ස්ථානයක් තුලින් (hybrid workplace), සේවකයින් වඩාත් ස්වාධීන වීම සහ වඩා හොඳ සේවා-ජීවිත සමතුලිතතාවයක් පවත්වා ගැනීමට (work-life balance) අවස්ථාවක් ලබා දෙන අතර සහ එහි ප්‍රතිඵලයක් ලෙස වඩාත් ඵලදායී, සෞඛ්‍ය සම්පන්න, ස්ථාවර ශ්‍රම බලකායක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවේ.

කෙසේ වෙතත්, ව්‍යාපාර වලට ඔවුන්ගේ අදාළ මෙහෙයුම් ආකෘතියට වඩාත් ගැලපෙන මාදිලිය තීරණය කිරීම වැදගත් වේ. COVID-19 වසංගතය තුළ ව්‍යාපාර වලට මුහුණ දීමට සිදුවූ පරිසරය තුල, සැලසුම් රහිතව සම්පූර්ණ දුරස්ථව වැඩකිරීමට සිදු වූ අතර, ඒවා නිවැරදි සැලසුම් අනුව කිරීම සිදු නොකළහොත් ‍ව්‍යාපාර වලට ඍණාත්මක ප්‍රතිඵල ලබා දිය හැකිය.දැන්, බොහෝ සමාගම් ඩිජිටල් ක්‍රම විධි මත පදනම් වූ ශ්‍රම බලකායන් ගොඩ නගමින් සිටී. ඒ සඳහා ඔවුන් නිරන්තරයෙන් දෙමුහුන් වැඩ කිරීමේ උපාය මාර්ග (hybrid working system) අනුගමනය කරයි.

මේ අනුව, බොහෝ සමාගම් ඉහළ වර්ධන ව්‍යාපාර ආකෘති කෙරෙහි අවධානය යොමු කරමින්, වඩා හොඳ සේවා ස්ථානයක් ස්ථාපිත කිරීමට, දෙමුහුන් වැඩ සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, තම කාර්යාල අවකාශය ප්‍රතිසංවිධානය කිරීම සලකා බලයි. මෙහිදී මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගය වන්නේ ආයතනවල සේවකයන් එකිනෙකා සමග නිරන්තරව මුහුණට මුහුණ හමු නොවීම තුළ අන්තර් සහයෝගීතා බිඳී යාමේ ප්‍රවණතාවයයි.

කෙසේ වෙතත්, ඔබ තෝරා ගන්නේ කුමන ආකෘතියක් වුවද, එය ව්‍යාපාරය තුල නම්‍යශීලී සංස්කෘතියක් ඇතිකිරීමේ අවශ්‍යතාවය තහවුරු කලයුතු අතරම, එය අවසාන වශයෙන් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵල වැඩි දියුණු කරමින්, තිරසාරභාවය ලබා දිය යුතු වේ.

වර්තමානයේදී ඇතැම් ව්‍යාපාර, පූර්ව වසංගත ආකෘතිය (pre-pandemic model) වෙත ආපසු යාමට කැමැත්තක් දක්වයි. එබැවින් දෙමුහුන් වැඩ ආකෘතියක් සලකා බැලීමේදී, ව්‍යාපාරවල ජ්‍යෙෂ්ඨ නායකත්වය දෙමුහුුන් වැඩ කිරීමේ උපාය මාර්ග ආකෘතිය සිය ව්‍යාපාරික යහපත වෙනුවෙන් වඩාත් හොඳින් යොදා ගත හැකි ආකාරය තීරණය කිරීම වඩාත් සුදුසුය.

ව්‍යාපාරික පරිසරය තුල විවිධ ආයතන අන්තර් ක්‍රියාකාරී ක්‍රමවේදයක (collaborative model) වැඩ කිරීමේ ක්‍රමවේදය ඉතා සාමාන්‍ය තත්වයක් වන අතර දෙමුහුන් වැඩ කිරීමේ ආකෘතිය (Hybrid model) ආයතනගත වීම සීග්‍ර වී ඇත. එය වඩාත් පහසුවෙන් පුළුල් වීම සඳහා ප්‍රධාන වශයෙන් අඩුවියදම් පරිශීලක-හිතකාමී (user-friendly) තාක්ෂණික මෙවලම්වල සහාය ප්‍රධාන සාධකයක් වී ඇත. කෙසේවුවත් වැඩිදියුණු කළ තාක්ෂණික රාමුවක් තුළ පවා දෙමුහුන් වැඩ කිරීමේ ආකෘතිය සාර්ථකව ආයතනගත කිරීම අභියෝගයක් වන අතර ඒය ව්‍යාපාරික සංස්කෘතියේ සහ වැඩ කිරීමේ රටාවේ වෙනස්කම් වලට අනුව, නිවැරදි සන්නිවේදනය මාර්ග යොදා ගනිමින්, මානව සම්පත් ඒ සඳහා නිවැරදිව අනුගත කරමින්, නිසියාකාර පුහුණු වීම් ලබාදෙමින් සිදු කළ යුතුය.

අවසාන වශයෙන්, බොහෝ විට තාක්ෂණය සමඟ සහ නව ඩිජිටල් යෙදුම් මගින් ස්ථාපනය කරන ව්‍යාපාර ආකෘති මත පමණක් පදනම්ව ව්‍යාපාර සාර්ථකත්වය ලබා ගත නොහැකි බව අවබෝධකර ගැනීම වැදගත් වන අතර ඒ සඳහා වඩාත් සුදුසු නව යෙදුම් පිළිබඳව අවධානයෙන් සිටිමින්, ඔබගේ ව්‍යාපාර ස්වභාවයට ඔබින, නිවැරදි ව්‍යාපාර ආකෘතිය තෝරා ගැනීම වැදගත් වේ.

This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of 
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
ඔබගේ ව්‍යාපාරය සඳහා, වඩාත් යෝග්‍ය භාණ්ඩ ප්‍රවාහන මාදිලිය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු 5ක්

ඔබගේ ව්‍යාපාරය සඳහා, වඩාත් යෝග්‍ය භාණ්ඩ ප්‍රවාහන මාදිලිය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු 5ක්

ඔබගේ ව්‍යාපාරය සඳහා, වඩාත් යෝග්‍ය භාණ්ඩ ප්‍රවාහන මාදිලිය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු 5ක් ජාත්‍යන්තර වෙළඳාමේ දී සැපයුම් දාමයට,...

by Communications Economy.lkMarch 16, 2023
5 Factors to Consider in Making Smart Logistic Decisions for Your Business

5 Factors to Consider in Making Smart Logistic Decisions for Your Business

5 Factors to Consider in Making Smart Logistic Decisions for Your Business In international trade, unexpected disruptions to the supply...

by Communications Economy.lkFebruary 24, 2023
How can Blockchain help Sri Lanka’s Economy?

How can Blockchain help Sri Lanka’s Economy?

How can Blockchain help Sri Lanka’s Economy? Blockchain technology has moved from being a future trend to a reality. In...

by Communications Economy.lkDecember 19, 2022
Tweet
Share
Share
0 Shares