ජාත්‍යන්තර වෙළෙඳාමේදී, රක්ෂණයෙහි වැදගත්කම

Thumb-sn

නිෂ්පාදනය, ප්‍රවාහනය ඇතුළු සියලුම ව්‍යාපාරික අංශ සඳහා මේ වන විට, ‘රක්ෂණය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. ජාත්‍යන්තර වෙළඳාමේ දී බොහෝ ව්‍යාපාර වලට රක්ෂණයෙහි  ඇති වැදගත්කම මග හැරෙන්නේ, එහි ඇති විය හැකි අවදානම් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම නිසාවෙනි. එබැවින්, මෙම  ලිපිය තුලින් ජාත්‍යන්තර වෙළෙඳාමේ දී, රක්ෂණයෙහි වැදගත්කම පිළිබඳව සාකච්ජා කෙරේ.

රක්ෂණ කොන්දේසිවල ‘අවදානම’ පිළිබඳ සංකල්පය, රක්ෂණයේ ප්‍රතිලාභ, සහ ආවරණ සීමාවන් පිළිබඳව සොයා බැලීමෙන්, සුමට සහ ආරක්ෂිත ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු සඳහා, සුදුසු රක්ෂණ ආවරණයක් තිබීමේ වැදගත්කම පිළිබඳව අපට මනා අවබෝධයක් ලබා ගත හැකිය. රක්ෂණයේ දී අවධානය යොමු කරනුයේ ‘සමපේක්ෂණ අවදානම’ (Speculative Risk) නොව ‘පැහැදිලි අවදානම’ (Pure Risk) පිළිබදව යි. ඕනෑම වෙලාවක අනපේක්ෂිත අවස්ථාවන් වලට මුහුණදීමට සිදුවීම, ව්‍යාපාරවලට මුල්‍යමය වශයෙන් අහිතකර බලපෑම් ඇති කරයි. මෙය ‘පැහැදිලි’ අවදානමයි. එවැනි සිදුවීම් ලෙස සොරකම්, භාණ්ඩ වලට හානි සිදුකිරීම පෙන්වා දිය හැක. ඒ අනුව ජාත්‍යන්තර වෙළදාමෙහි නියුතු ව්‍යාපාර, වඩාත් යෝග්‍ය රක්ෂණ ආවරණ ලබා ගැනීම ඉතා වැදගත් වන අතර ඒ තුළින්, භාණ්ඩ සඳහා සිදු විය හැකි සියලු ම අවදානම් හඳුනා ගෙන ඒවාට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වේ. එමෙන් ම භාණ්ඩ ප්‍රවාහනයේ දී හා නැව්ගත කිරීමේ දී සිදුවන වළක්වා ගත නොහැකි අලාභ වලින් ආරක්ෂා වීමට ද රක්ෂණය ඉතා වැදගත් වේ. නමුත් ‘සමපේක්ෂණ අවදානමේ’ (Speculative Risk) දී, ලැබෙන ප්‍රතිඵලයන්  අවිනිශ්චිත වීම නිසා ලාභ හා අලාභ යන දෙකටම ඉඩ ප්‍රස්ථා සැලසේ. ඇතැම් පුද්ගලයන් සහ ව්‍යාපාර, ලාභ ලැබීමේ පරමාර්ථයෙන්  සිය කැමැත්තෙන්ම ‘සමපේක්ෂණ අවදානමක්’ (Speculative Risk) ගන්නා අතර එය රක්ෂණ කිරීමට නොහැකි වන්නේ ලාභ අපේක්ෂා කිරීමේ බලාපොරොත්තුව සහ සදාචාරාත්මක වශයෙන් ඇතිවන ගැටලු හේතුවෙනි.

භාණ්ඩ හුවමාරුවේ දී මූල්‍ය ආරක්ෂණය

භාණ්ඩ රක්ෂණය ජාත්‍යන්තර වෙළඳාමේ නියුතු ව්‍යාපාර වලට වාසිදායක තත්ත්වයන් කිහිපයක් ලඟා කරදෙයි. පළමුව, එය හානි වූ හෝ නැති වූ නැව් ගත කිරීම් වල දී සිදු වන මූල්‍ය පාඩු යම මට්ටමකින් අඩු කරන අතර, ව්‍යාපාරවලට තම කටයුතු නිදහසේ කර ගෙන යාමට අවශ්‍ය වටපිටාව සහ මූල්‍ය ආරක්ෂාව ලබා දෙයි. එය සමාගමේ මුදල් ප්‍රවාහ ආරක්ෂා කරයි,  ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලට බාධා කළ හැකි අනපේක්ෂිත සිදුවීම්වලින්  ආරක්ෂා කරයි. රක්ෂණය කර ඇති භාණ්ඩ වලට ඇති විය හැකි පාඩු වල බලපෑම අඩු කිරීමට උපකාරී වෙයි. එමෙන්ම ව්‍යාපාරවලට ඉක්මනින් යථා තත්ත්වයට පත් වීමට සහ නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට ඉඩ සලසයි. එපමණක් නොව, ප්‍රමාණවත් රක්ෂණ ආවරණයක්  සහිත ව්‍යාපාර සඳහා වාණිජ බැංකු ණය ලබා දීමට වැඩි කැමැත්තක් දක්වන බැවින්, විස්තීර්ණ රක්ෂණ ආවරණයක් පැවතීම තුළින් ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය සපයාගැනීම පහසු කරයි. මේ අතර වැදගත් සේවා සපයන්නන් සිටීම, කාර්යක්ෂම සහ වෘත්තීමය හිමිකම් නිරවුල් කිරීමකට වැදගත් වන අතර, ලංකා වාණිජ මණ්ඩලය  විසින් පත් කරන ලද ස්වාධීන මිනින්දෝරුවන් මෙම ක්‍රියාවලියේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 

භාණ්ඩ රක්‍ෂණයෙන් ආවරණය නොවන අවදානම්

භාණ්ඩ රක්‍ෂණයට අදාළ විය හැකි ඇතැම් සීමාවන් සහ බැහැර කිරීම් පිළිබඳව ද පැහැදිලි දැනුමක් තිබීම ඉතා වැදගත්ය. භාණ්ඩ ප්‍රවාහනය සදහා තෝරාගත් ප්‍රවාහන ක්‍රමය ට සුදුසු වන පරිදි භාණ්ඩ ඇසුරුම් නොකීරීම නිසා, ඒ තුළින් භාණ්ඩ සඳහා වන හානිය රක්‍ෂණය තුලින් ආවරණය කිරීමේ හැකියාවක් නොමැත. එමෙන් ම නැව් ගත කිරීමට නො හැකි නිෂ්පාදන ද රක්ෂණ ආවරණයට ඇතුළත් නොවිය හැකිය. වැරදි භාණ්ඩ විස්තර සපයා තිබීම ද රක්ෂණ ආවරණයට බලපාන බැවින් භාණ්ඩ පිලිබඳ විස්තර ඉතා පැහැදිලි හා නිවැරදි විය යුතු ය. සාමාන්‍යයෙන් ප්‍රවාහනයේ දී සිදු වන බර හෝ පරිමාව අඩු වීම රක්ෂණය තුළින් ආවරණය කළ නොහැකිය. විශේෂයෙන් ම ඇතැම් රක්ෂණ ආයතන අනතුරුදායක භාණ්ඩ හෝ ද්‍රව්‍ය, විශේෂිත ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ඉතා වටිනා භාණ්ඩ හෝ බිඳෙන සුලු භාණ්ඩ සඳහා රක්ෂණ ආවරණ ලබා නො දේ. මීට අමතරව, රක්ෂණ ආවරණය ප්‍රවාහන ක්‍රමය අනුව ද වෙනස් විය හැක. එනම් සාමාන්‍යයෙන් නැවක, ගුවන් යානයක හෝ ට්‍රක් රථයක ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ පමණක් රක්ෂණයෙන් ආවරණය කරයි. විවිධ ප්‍රවාහන ක්‍රම භාවිතා කරන්නේ නම්, සම්පූර්ණ ගමන සඳහා ම රක්ෂණ ආවරණය සහතික කිරීම අවශ්‍ය වේ.මන්ද විවිධ ආවරණයන් එකිනෙකට වෙනස් වේ. උදාහරණයක් ලෙස, A වගන්තියේ ප්‍රතිපත්ති පුළුල් ආවරණයක් සපයන අතර C වගන්ති ප්‍රතිපත්තිවලට විවිධ සීමාවන් තිබිය හැකිය, නමුත් එය වඩා ලාභදායී විය හැකිය.  

ඉහත කරුණු සලකා බලන විට, ජාත්‍යන්තර වෙළඳාමේ දී ප්‍රවාහනය හා සම්බන්ධ අවදානම් අඩු කර ගැනීම සඳහා භාණ්ඩ රක්ෂණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව මනාව පැහැදිලි වේ. රක්ෂණ කොන්දේසි වල ‘අවදානම’ පිළිබඳ පැහැදිලි කරන ආකාරය අවබෝධ  කර ගැනීම තුළින් ව්‍යාපාරවලට රක්ෂණයේ ප්‍රතිලාභ ලබා ගැනීමට සහ  ඔවුන්ගේ අරමුණු ලඟාකරගැනීම සඳහා නිවැරදි තීරණ ගැනීමට ඉඩ සලසයි. කෙසේ වෙතත් මෙහි යම් සීමාවන් පවතින අතර, භාණ්ඩ ප්‍රවාහනයේ දී පොදුවේ සිදු විය හැකි හානි  සඳහා රක්ෂණ ඔප්පුවක් තිබීම අවශ්‍ය වේ. එබැවින් ආනයනය සහ අපනයනයේ නිරත ව්‍යාපාර දෙපාර්ශවය අතර ම එනම්, ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්; භාණ්ඩ කාර්යක්‍ෂම  ලෙස හුවමාරු කර ගැනීමට සහ ඇති විය හැකි මූල්‍ය අලාභවලින් ආරක්ෂා වීමට වඩාත් යෝග්‍ය රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට මූලිකත්වය දීම ඉතා අවශ්‍ය වේ.

This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of 
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity

What is Freight?

කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)

කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)

කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...

by Communications Economy.lkSeptember 25, 2023
වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)

වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)

විද්‍යුත්-වාණිජ්‍යය,  ජාත්‍යන්තර වෙළෙදාමට  ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග  ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...

by Communications Economy.lkSeptember 12, 2023
විද්‍යුත් වාණිජ්‍යය තුළින්  විදේශ වෙළෙදාමට ඇති අවස්ථා  පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...

by Communications Economy.lkSeptember 11, 2023
Tweet
Share
Share
0 Shares