විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce) ගෝලිය වශයෙන් ප්‍රචලිත වීමත් සමග ජාත්‍යන්තර වෙළෙදාම විශාල වෙනස්කම් රාශියකට ලක් වී ඇත. සාම්ප්‍රදායිකව පැවති ගැටළු ඉවත් කරමින්, රටවල්වලට ඉතා පහසුවෙන් ජාත්‍යන්තර වෙළෙදපලට පිවිසීම සදහා විද්‍යුත් වාණිජ්‍යය හේතු වී තිබේ. මේ තුළින් විශාල ව්‍යාපාර මෙන්ම කුඩා ව්‍යාපාර ද ප්‍රතිලාභ ලබන අතර ඔවුන්ට තම වියදම් වඩාත් කාර්‍යක්ෂම ලෙස සකසා ගැනීමට සහ විශාල වෙළෙදපලකට තම භාණ්ඩ හා සේවා සැපයීමටත් මේ තුළින් හැකියාව ලැබී ඇත. ආර්ථික වශයෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ වලට අමතරව වෙළෙදපල දැනුම ලබා ගැනීමට ද මේ හරහා අවස්ථාව සැලසී ඇත.
ඩිජිටල් තාක්ෂණය අද වනවිට සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් අතර ගොඩනැගෙන සන්නිවේදනය බාධාවකින් තොරව තවදුරටත් වර්ධනය වීමට මැනවින් උපකාරී වන අතර එය ගෝලිය සම්බන්ධතා වෙනත් මානයකට යොමු කිරීමට සමත් වී ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වෙළෙදපල කටයුතු සීමා වීමෙන් අනතුරුව, ගෝලීය විද්‍යුත් වාණිජ්‍යය 2023 වසරේදී 10.4% ක වර්ධනයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන් ලැබෙන විකුණුම් 2023 වසරේ දී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.9 සිට 2026 දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 8.1 දක්වා ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වේ.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සිදු කරන ලද අපනයන සමීක්ෂණයකට අනුව, ව්‍යාපාරවලින් 74% ක් ම ප්‍රකාශ කරනු ලැබුවේ, ඔවුන්ගේ විකුණුම් වලින් හතරෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් මාර්ගගත (Online) ක්‍රම හරහා ලැබුනු බවයි. එමෙන්ම එම ව්‍යාපාර වලින් වැඩි ප්‍රමාණයක් තවමත් ඩිජිටල් වෙළෙදපළට ප්‍රවේශ වී නොමැති බවත් එම අවස්ථා ප්‍රයෝජනයට ගෙන නොමැති බවත් අනාවරණය වී ඇත. එමෙන්ම, එම අවස්ථා උපයෝගි කරගනිමින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට තවමත් අවස්ථා ඇති බවත් එම සමීක්ෂණයෙන් පැහැදිලි විය. මෑත වසරවලදී ශ්‍රී ලංකාව මුහුණදුන් විදේශ විනිමය ගැටළු සලකා බැලීමේදී රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට හා ආර්ථික වශයෙන් රට ශක්තිමත් කිරීමට විද්‍යුත් වාණිජ්‍යය (E-commerce) උපයෝගී කර ගැනීමේ හැකියාව පවතී.
මෙහිදී අධ්‍යාපනය සහ ඩිජිටල් සාක්ෂරතාවය කෙරෙහි අවධානය යොමු කරන ප්‍රතිපත්ති සහ රජයේ මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. Daraz සහ SLASSCOM (Sri Lanka Association for Software Services Companies) ආයතන එක්ව දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන ලද සමීක්ෂණයකින් හදුනා ගත් පරිදි, ප්‍රතිචාර ලබා දුන් පුද්ගලයින්ගෙන් 61%ක් විද්‍යුත් වාණිජ්‍යය භාවිතා නොකරන පුද්ගලයන් ලෙස හදුනා ගෙන ඇත. එනම් ඔවුන් අන්තර්ජාලය (Internet) හරහා භාණ්ඩ මිලදී ගැනීමක් හෝ භාණ්ඩ විකිණීමක් සිදු නොකරයි. මීට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ, අන්තර්ජාලය හෝ වෙනත් විද්‍යුත් ක්‍රමයක් හරහා තම භාණ්ඩ විකුණා ගැනීමට ඔවුන්ට දැනුමක් හෝ හුරුවක් නොමැති වීමයි. මෙම ගැටළු මග හරවා ගැනීමට ඒ සදහා අවශ්‍ය ඩිජිටල් දැනුම සහ කුසලතාවයන් අදාළ පුද්ගලයන් ට ලබා දිය හැකි ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් ආරම්භ කිරීම වැදගත් ය. එමෙන් ම වත්මන් අධ්‍යාපන ක්‍රමය සුදුසු පරිදි වෙනස් කිරිම අත්‍යවශ්‍ය වන අතර ඩිජිටල් ආර්ථිකයක තිබිය යුතු අවශ්‍යම අංගයක් ලෙස ඩිජිටල් අධ්‍යාපනය විෂය මාලාවට එක් කිරීම වැදගත් වේ. ඩිජිටල් භාවිතයේ පවත්නා ගැටළු ඩිජිටල් ගනුදෙනු හා ගෝලීය ආර්ථික ප්‍රවණතා විෂය මාලාවන්ට ඇතුළත් කළ හැක. ඒ අනුව වර්තමාන ගෝලීය වෙළෙදපල අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයේ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සදහා අධ්‍යාපන ආයතනවලට මූලිකත්වය ගත හැකිය.
ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට සමගාමීව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SMEs) ආනයන අපනයන ක්‍රියාවලියේදී වැදගත් වන HS කේත (Harmonized System – HS Codes) භාවිතා කරන ආකාරය පිළිබදව දැනුවත් කිරීම සදහා වැඩසටහන් සංවිධානය කිරීම වැදගත් වේ. මන්ද මෙම කේත භාවිතය ගෝලිය වෙළෙදාම තුළ ප්‍රධාන අංගයක් වන බැවිනි. උදාහරණ ලෙස, විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන වර්ග කිරීමකට ලක් කිරීම හා ඒ තුලින් රටවල් අතර වෙළෙදාම් ගනුදෙනු කාර්‍යක්ෂම ලෙස කරගෙන යාමට ඉඩ සලසා දීම දැක්විය හැකිය.
යුරෝපා සංවිධානයේ වෙළෙද වරණයන් පිළිබද පොදු ක්‍රමය හෙවත් GSP (Generalised Scheme of Preferences) බදු සහනය යටතේ ශ්‍රී ලංකාව දැනට වෙළෙදාම් සිදු කරන්නේ ඉතාමත් සුළු HS කේත ප්‍රාමණයක් භාවිතයෙනි. එනම් සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පමණක් හුවමාරු වේ. කුඩා හා මධ්‍ය පරීමාණ ව්‍යවසාකයන්ට මෙම කේත සහ ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබද තවදුරටත් දැනුම ලබා දීම මගින් ඩිජිටල් තාක්ෂණය හරහා ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙදපලට ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් වේ. එය රටේ ආර්ථික හැකියාව ඉහළ නැංවීමට ද උපකාරී වෙයි.
බොහෝ විකිණුම්කරුවන් පාරිභෝගිකයන්ට නැවත විකුණුම් කිරීමේදී (Resale), ආනයන මත රදා පවතී. මෙම ආනයන මත රදා පැවතීම අඩු කිරීමට විද්‍යුත් වාණිජ්‍යය යොදා ගත හැකිය. එහිදී ප්‍රධාන වශයෙන් ම දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ නිෂ්පාදන හැකියාවන් වැඩි කිරීම මගින් විද්‍යුත් වාණිජ්‍යය සැපයුම් දාමයේ මූලික අංගයන් කරා යොමු විය හැකිය. අද වන විට බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන අභියෝගයක් වන්නේ ඔවුන්ට ලැබෙන ඇණවුම් වලට ගැලපෙන ලෙස ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ නැන්වීමට නොහැකි වීමයි. ඒ ඔවුන් සතුව පවතින සිමීත ධාරිතාවය හේතුවෙනි. අමුද්‍රව්‍ය ආනයනය කිරීමට පවතින ගැටළුව මීට යම්තාක් දුරකට බලපා ඇත. අවාසනාවන්ත ලෙස ඇතැම් අමුද්‍රව්‍ය මේ වන විට ආනයන සීමාවන්ට ද ලක් වී ඇත. මෙයට පිළියම් යෙදීම සඳහා, දේශීය නිෂ්පාදකයන්ට වෙළෙඳපොළ ඉල්ලුමට කඩිනමින් සහ ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි, අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශය සපයන ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වේ.
තවත් වැදගත් කරුණක් ලෙස විද්‍යුත් වාණිජ්‍යය හරහා සැපයුම් ප්‍රවාහ ගොඩ නැන්වීම දැක්විය හැකිය. වර්තමාන භාණ්ඩ වෙළෙදාමේදී භාණ්ඩයේ සැබෑ බරට වඩා එහි ධාරිතාව මත පදනම්ව ඊට අදාළ ප්‍රවාහන ගාස්තුව (Courier Charges) තීරණය කිරීම නිසා සැපයුම් ප්‍රවාහ කර්මාන්තය බොහෝ ගැටළුවලට මුහුණදෙමින් සිටී. මෙම ගැටළුවට විසදුම් ලබා දීමට නම් සැපයුම් සේවා පුළුල් ලෙස ඩිජිටල්කරණය කිරීමට ඉතා ඉක්මන් වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. එහි එක් පියවරක් ලෙස රට පුරා දැනට පවත්නා සීඝ්‍ර තැපැල් සේවා ජාලය (Express Mail Service) පුළුල් කළ යුතුය. එම මධ්‍යස්ථාන තවදුරටත් පවත්වා ගෙන යාමෙන් අපනයන නිෂ්පාදන කාර්‍යක්ෂමව කර ගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසිමේ හැකියාව වැඩි වේ. සීඝ්‍ර තැපැල් සේවා ජාලය මේ වනවිටත් ඉතා ඉහළ සේවාවක් ලබා දෙන අතර භාණ්ඩ නැව්ගත කිරිමෙදී අය කරන ගාස්තුව, එම භාණ්ඩයේ නියම බර මත පමණක් අය කෙරේ. මෙය ඉතා යෝග්‍ය ක්‍රමයක් ලෙස යොදා ගත හැකි අතර ඉන් ඉතා අඩු පිරිවැයකින් භාණ්ඩ ප්‍රවාහනය කරමින් සැලකිවයුතු ඉතුරුවක් ව්‍යපාරයට ලබා ගත හැකි වනු ඇත.
රටවල් අතර වෙළෙදාම් කිරීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීමේදී අදාළ රටෙහි පවත්නා වෙළෙද ප්‍රතිපත්ති, බදු කොන්දේසි, තීරු බදු ගාස්තු පිළිබදව ද අවධානය යොමු කළ යුතුය. විද්‍යුත් වාණිජ්‍යය හරහා වෙළෙදාම් වැඩි කිරීමට ඊට අවශ්‍ය වන ආකාරයට ඉහත සදහන් කළ කරුණු හැඩගැස්වීමේ රාමුවක් අවශ්‍ය වේ. එලෙස වෙළෙදාම් කටයුතු කිරීමට ඉතාමත් උචිත ක්‍රමයක් ලෙස නිදහස් වෙළෙද ගිවිසුම් (Free Trade Agreements) වලට යොමු වීම දැක්විය හැකිය. විද්‍යුත් වාණිජ්‍යය සමග ඉදිරියට යන විට දක්නට ලැබෙන මුලීක ලක්ෂණයක් වන්නේ වෙළෙද ප්‍රතිපත්ති සැකසීමේදී වුවද විද්‍යුත් වාණිජ්‍යය උපයෝගි කර ගැනීමට හැකි වන ආකාරයෙන් ඊට අදාළ ප්‍රතිපාදන ද ඇතුලත් කිරීමයි. සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම මීට හොදම උදාහරණ සපයයි, එය විද්‍යුත් වාණිජ්‍යය කෙරෙහි අවධානය යොමු කළ ගිවිසුමකි.
එමෙන්ම, ඩිජිටල් නිදහස් වෙළෙද කලාප (Digital Free Trade Zones) ඇති කිරීමට ද උනන්දු විය යුතුය. මැලේසියාව සහ මැද පෙරදිග රටවල් මෙවැනි කලාප පිළිබද ඇති කිරීම පිළිබද වැඩි උනන්දුවක් දක්වයි. මේ තුලින් ඩිජිටල් නිපැයුම්කරුවන්ගේ අවධානය ලබා ගැනීමට මෙන්ම ආනයන අපනයන (Import and Export) කටයුතු ඉතා පහසු කර ගැනීමටත් ඒවා නිසි ක්‍රමවේදයකට සිදු කර ගැනීමටත් හැකි වේ.
ව්‍යාපාර විසින් ඔවුන්ගේ විද්‍යුත් වාණිජ්‍යය භාවිතය වැඩි කිරීමේ දී ඒ සදහා වැය වන අමතර පිරිවැය පිළිබදව හා ඊට අදාළ සම්පත් වෙන් කිරීම පිළිබදව මුලිකව ම සැලකිලිමත් විය යූතු වේ. ජාත්‍යන්තර වෙළෙදපලට යොමු වීමට ඇති වැදගත්ම අංගයක් ලෙස විද්‍යුත් වාණිජ්‍යය (E-commerce) යොදා ගැනීම මෙන්ම ශක්තිමත් හා ස්ථාවර ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද ව්‍යාපාර වග බලා ගත යුතු වේ. ඒ වෙනුවෙන්ම යොමු වූ හා ඒ සදහා සුදුසුකම් මෙන්ම හැකියාව ද ඇති පුද්ගලයෙකු ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරිත්වයේ සිටීම වැදගත් ය. ව්‍යාපාරයට නව ක්‍රමවේදයන් හදුන්වා දීමට, ගෝලීයව තම ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට හා ඉන් ලැබෙන ප්‍රතිලාභ ව්‍යාපාරයට ලබා ගැනීමට එය ප්‍රයෝජනවත් වේ. එබැවින් ගෝලීය ප්‍රවණතා අනුව විදේශ වෙළෙදපල තුළ තම භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමට විද්‍යුත් වාණිජ්‍යය මැනවින් උපයෝගි කර ගත හැකි වන ආකාරයේ රාමූවක් ව්‍යාපාරය තුළ සකස් කිරීම අවශ්‍යයම සාධකයක් බවට පත් වී ඇත.
This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...
විද්‍යුත්-වාණිජ්‍යය, ජාත්‍යන්තර වෙළෙදාමට ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...
විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...