බොහොමයක් අපනයන ආයතන සතුව ඉතා විශිෂ්ට නිෂ්පාදනයන් පැවතුන ද නිසි අන්තර්ජාතික වෙළෙද පොළ ප්‍රවේශයක් ලබාගැනීම මෙන්ම ගැනුම්කරුවන් සොයාගැනීම යන අවස්ථාවලදී ඔවුන් දැඩි අපහසුතාවයන්ට පත්වේ. මෙම අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමට ඩිජිටල් අලෙවිකරණය භාවිතාකල හැක්කේ කෙසේද යන්න මෙම ලිපිය තුලින් සාකච්ජා කෙරෙනු ඇත.
ඇතැම් සාම්ප්‍රදායික ව්‍යාපාර තවමත් තම සාම්ප්‍රදායික අලෙවිකරණ ක්‍රම භාවිතාකරන අතර ඉන් ඔබ්බට ගොස් ඩිජිටල් අලෙවිකරණය හරහා නව වෙළෙදපොල මෙන්ම නව ගැනුම්කරුවන් සොයාගන්නා සාම්ප්‍රදායික ව්‍යාපාර ද නැතුවාම නොවේ. නමුත් සමස්තයක් ලෙස බලන කල අප තවමත් ඩිජිටල් අලෙවිකරණයේ නිසි ඵල නෙලාගෙන නොමැති බව කිවයුතුය.
නිසි වෙළෙදපොල සහ ගැනුම්කරුවන් ඉලක්ක කිරීමටත්, තම නිෂ්පාදනය නිසි පරිදි ස්ථානගත කිරීමටත් ඔබට හැකියාව පවතින තාක් කල් ඩිජිටල් අලෙවිකරණ ක්‍රම තුලින් ඔබට උපරිම ප්‍රයෝජන ගතහැකි වනු ඇත.
ගැනුම්කරුවෙකුගේ හෝ විකුණුම්කරුගේ හෝ වෙනත් දෘෂ්ඨි කෝණයකින් බැලුව ද, බොහෝ ආයතන වල ඩිජිටල් අවකාශය පිළිබඳ දැනුමෙහි පරතරයක් තිබෙන බව පැහැදිලිය.
උදාහරණයක් ලෙස, සේවා අංශයේ බොහෝ ආයතන, “ඉක්මනින් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ” (FMCG Sector – Fast Moving Consumer Goods) ව්‍යාපාර සමග හෝ, “ව්‍යාපාරයේ සිට පාරිභෝගිකයාට”(B2C-Business to Customer) ව්‍යාපාර සමග, කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වනේ ඒ සඳහා මෙම ව්‍යාපාරවල ඇති ඩිජිටල් අවකාශය පිළිබඳ ඉහල අවබෝධය නිසාය.
නමුත්, “ව්‍යාපාරයක සිට ව්‍යාපාරයකට”(B2B-Business to Business) සන්නාමයක් සමග කටයුතු කිරීමේදී, ඩිජිටල් අවකාශය පිලිබඳ විශේෂඥතාවය හෝ අත්දැකීම් දැකිය හැකි වන්නේ කලාතුරකිනි.
එමෙන්ම, ඇතැම් ආයතන නව විකුණුම් ඊ-වානිජ්‍ය (E-Commerce) ක්‍රමවලට යොමුවීම සම්බන්ධයෙන් යම් අකමැත්තක් හෝ මන්දගාමී ස්වභාවයක් බොහෝ විට පෙන්නුම් කරනු ලබයි. මෙම තත්ත්වය දැකිය හැකි වන්නේ, යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙන මෙන්ම, ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයා තවමත් ව්‍යාපාර කටයුතු වල යෙදෙන, සාම්ප්‍රදායික ව්‍යාපාරික ආයතනයන්හි ය.
මෙවන් තත්ත්වයකදී අදාළ දත්ත සහ තොරතුරු පෙන්වාදෙමින්, සන්නාමය සහ සන්නාම හිමිකරු දැනුවත් කිරීම ඉතා වැදගත්ය. උදාහරණයක් වශයෙන්, google සෙවුම් තොරතුරු සලකා බැලුවහොත්, මාසයක් තුල “Ceylon Tea” නැතහොත් “ලාංකික තේ” සම්බන්ධ සෙවුම් දස දහසකට වඩා ලොව නන්දෙසින් වාර්තා වේ. එම සෙවුම් හුදෙක් ” ලාංකික තේ” පමණක් නොවේ, ඒ හා සම්බන්ධ විවිධ භාණ්ඩ පිළිබද සෙවුම් එහි ඇතුලත්ය. එනම් පැකට් නොකරන ලද තේ (Loose Tea) නිෂ්පාදන ආයතන, “Ceylon Tea” නිෂ්පාදන ආයතන වශයෙන් තේ සම්බන්ධ විවිධ සෙවුම් එහි අන්තර්ගත වේ. ඒ අනුව මෙම සෙවුම් දත්ත පාදක කරගෙන ඔබට නව ව්‍යාපාර අවස්ථා ගොඩනැගිය හැකිය.
උදාහරණ වශයෙන්, මැලේසියාවෙහි MDEC (Malaysian Digital Economy Corporation) ආයතනය ඩිජිටල් භාවිතය සදහා ඔබව දිරිමත් නොකරයි. නමුත් ඔවුන්, නව සහ නැගීගෙන එන ව්‍යාපාර සදහා ඔවුන්ගේ අයවැයෙන් කොටසක් වෙන්කරනු ලැබේ. ඒ අනුව බලන කල ශ්‍රී ලංකාවට ද නව අවස්ථා හඳුනාගෙන කල හැකි දේ බොහෝය.
සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඈත අතීතයේ සිට ඉතා හොඳ ස්ථානගත කිරීමක් තිබේ. එබැවින් සංචාරක කර්මාන්තය අප රටට සෘජු ආදායම් මුලාශ්‍රයක් බවට පත්වී ඇත. එමෙන්ම, තේ, පොල්, රබර් වැනි සාම්ප්‍රදායික භාණ්ඩ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙදපොල තුල සැලකියයුතු ස්ථානගත කිරීමක සිටී. නමුත්, කොරියාව වැනි රටක් සලකා බැලීමේදී, ඔවුන් ඔවුන්ගේ සියලු භාණ්ඩ සහ සේවාවන් අලෙවිකරයි. සරලව සිතා බැලුවහොත් ඔබත් මමත් කිසියම් කොරියානු නිෂ්පාදනයක් භාවිතා කරනවා නේද?
එතුලින් අපට පැහැදිලි වන්නේ, කොරියාව ඔවුන්ගේ රට නියමාකාරයෙන් ගෝලීය වෙළෙදපොල තුල ස්ථානගතත කර තිබෙන බවයි.
රටක් වශයෙන් අප තවමත් සාම්ප්‍රදායික ව්‍යාපාර හෝ සාම්ප්‍රදායික අංශ කිහිපයක් මත පමණක් විශ්වාසය තබා කටයුතු කල ද, රටක් වශයෙන් ගෝලීය වෙළෙද පොල තුල අපට අලෙවිකළ හැකි දේ බොහෝය. උදාහරණයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ මත්පැන් ගතහොත්, එයට ගෝලීය වශයෙන් විශාල ඉල්ලුමක් පවතී. නමුත් රටක් වශයෙන් එය ලෝක වෙළෙදපොල වෙත ගෙනයාමට අප යමක් කර ඇත්දැයි සිතා බැලීම වටී. එසේම, කුරුඳු වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන වුවද වටිනාකම් එකතු කල නව නිෂ්පාදන ලෙස ගෝලීය වෙළෙදපොල වෙත ඉදිරිපත් කල හැක. උදාහරණයක් වශයෙන්, කුරුඳු නිස්සාරණය කර එමගින් ඖෂධ නිෂ්පාදනය කල හැක.
තවද, මැලේසියාව වැනි රටවල් සලකා බලන විට අපට පැහැදිලි වන කරුණ නම්, වඩා වැදගත් වන්නේ වෙළෙද නාමය අලෙවිකරණයට වඩා රටෙහි නාමය නිසි පරිදි අලෙවිකිරීම, නැතහොත් නිසි පරිදි රටෙහි නාමය ස්ථානගත කිරීමයි. එතුලින් ජනිත වන වාසිදායක තත්ත්වයන් රැසකි.
එබැවින්, ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඔබ්බට සිතිය යුතු කාලය එළඹ තිබේ. ඩිජිටල් ලෝකය තුල “සැමවිටම ක්‍රියාත්මකව සිටින්න” යනුවෙන් සංකල්පයක් ඇත. මන්ද ඔබේ පාරිභෝගිකයා සැමවිටම ක්‍රියාත්මකව සිටින බැවිනි. එසේම, රටක් වශයෙන් සන්නාම අලෙවිකරණ ප්‍රයත්නයන් සැමවිටම ක්‍රියාත්මක විය යුතු අතර සාම්ප්‍රදායික කර්මාන්ත වලින් ඔබ්බට සිතා බලා රටක් වශයෙන් අප, අපේ රටෙහි නාමය අලෙවි කලයුත්තේ කෙසේද යන්න හඳුනා ගත යුතුය.
This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...
විද්‍යුත්-වාණිජ්‍යය, ජාත්‍යන්තර වෙළෙදාමට ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...
විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...