සාම්ප්‍රදායක සැපයුම් දාමයෙන් ඔබ්බට ගිය ඩිජිටල් සැපයුම් දාමයක් කරා ව්‍යාපාර පරිවර්තනය

ඩිජිටල් සැපයුම් දාමය යනු කුමක්ද?

සැපයුම් දාමයක් තුළ, භාණ්ඩ නිෂ්පාදනය සැලසුම් කිරීමේ සිට පාරිභෝගිකයින්ට භාණ්ඩ සැපයීම දක්වා වන සමස්ථ ක්‍රියාවලිය ආවරණය වන වේ. සාම්ප්‍රදායක සැපයුම් දාමයන් සංකල්පමය වශයෙන් සරල වන අතර සෑම පියවරක්ම බොහෝ විට පෙර පියවර මත රඳා පවතතින රේඛීය ප්‍රවේශයක් ගනී. ඩිජිටල් සැපයුම් දාමයකදී සැපයුම් දාමයේ විවිධ පියවර සඳහා ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ක්‍රම විධි යොදා ගනී.

Covid 19 වසංගතය හමුවේ පැන නැගුනු බොහෝ අනපේක්ෂිත අභියෝග හමුවේ ගෝලීය වශයෙන් සැපයුම් දාම ඩිජිටල්කරණය වෙත දැඩි නැඹුරුවක් දක්වන ප්‍රවණතාවක් උද්ගත වී ඇත. සැපයුම් දාමයෙහි එක් පියවරක් අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී සමස්ත සැපයුම් දාමයම අස්ථාවර වන අවස්ථා පිළිබඳ බොහෝ උදාහරණ Covid 19 වසංගතය, ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ ආතතීන්, රුසියාව-යුක්රේන යුද්ධය වැනි ගෝලීය ආතතීන් තුළ දක්නට ලැබේ. මෙවැනි සෞඛ්‍ය, ආර්ථික, දේශපාලනික ප්‍රවණතා මෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික කරුණුද හමුවේ, මෑත කාලය තුල ඩිජිටල් සැපයුම් දාම වලට සංක්‍රමණය වීමට ව්‍යාපාරිකයන්ගේ යොමුව වැඩි වීමට හේතු වී ඇත.

සැපයුම් දාම ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ

සාර්ථක ඩිජිටල් පරිවර්තනයක් මඟින් ව්‍යාපාර වලට අතිවිශාල ප්‍රතිලාභ ඇත කරගත හැකිය. උදාහරණ ලෙස කිහිපයක් ලෙස සැපයුම් දාමයේ ක්‍රියාකාරීත්වයට පිලිබඳ පාරදෘශ්‍යතාව ඉහළයාම, සැපයුම් දාම ක්‍රියාවලිය

ස්වයංක්රීයකරණය වීම, පිරිවැය අඩු කිරීම සහ නවෝත්පාදන වේගවත් කිරීම, දත්ත සහ උසස් විශ්ලේෂණයන් සහ සැපයුම් දාම සැලසුම් වැඩිදියුණු කිරීමට අවස්ථා සඳහා අවස්ථා උදා වීම, සේවකයින්ට වැඩි නම්‍යශීලීභාවයකින් නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව, 24/7 පාරිභෝගික සේවය ලබා දීමට හැකිවීම, කාබන් පියසටහන අඩු කිරීම යන කරුණු දැක්විය හැකිය. මෙමඟින්ත, තරඟකරුවන්ට වඩා ඉදිරියෙන් සිටීමටත් ආයෝජන මත ඉහළ ප්‍රතිලාභයක් ලබා ගැනීමටත් හැකි වේ.

සැපයුම් දාමය ඵලදායී ඩිජිටල්කරණයක් සඳහා සැලසුම් කළ යුත්තේ කෙසේද?

සංවර්ධිත රටවල මව් සමාගම් පිහිටා ඇති විශාල ගෝලීය මෙහෙයුම් ඇති සමාගම්වලට මෙම ඩිජිටල් පරිවර්තන කාර්යය පහසුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් ඇත. එවැනි සමාගම් හා සසඳන විට ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාර මෙම ක්‍රියාවලියේදී විවිධ අභියෝගවලට මුහුණ දෙයි. මීට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස ඩිජිටල්කරණය අධික පිරිවැයක් දැරිය යුතු ක්‍රියාවලියක් ලෙස සැලකීමද මුලික වේ.

මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ, ඩිජිටල්කරණය ආයෝජනය අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවයි. මෙහිදී ඩිජිටල්කරණයේ අරමුණු හොඳින් තේරුම් ගත යුතුය, එමන්ම ඩිජිටල්කරණයට අදාළ වන ක්‍රමවේදය සහ ව්‍යාපාර ආකෘතිය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය.

ව්‍යාපාරික නායකයින් ඩිජිටල්කරණය සඳහා ප්‍රවේශ විය යුතු ආකාරය

පළමුව, තම සමාගමට අදාළ ව්‍යාපාර ආකෘතිය (Busines to Busines (B2B): ව්‍යාපාරයක සිට තවත් ව්‍යාපාරයක් වෙත සිදු කරන වෙළඳාමක්ද නැතහොත් හෝ Business to Consumer (B2C): ව්‍යාපාරයක සිට පාරිභෝගිකයා වෙත සිදු කරන වෙළඳාමක්ද යන්න ) තේරුම් ගත යුතුය. ඉන්පසු ව්‍යාපාර ආකෘතිය මත පදනම්ව ඩිජිටල්කරණය පිළිබඳ තීරණ ගැනීමේදී ඉහළ සිට පහළට යන ප්‍රවේශයකින් සිදු කල යුතුය. විය යුතුය. සේවකයින්ට ඩිජිටල්කරණ සංකල්පය පිලිබඳ අවබෝධය අඩු වීම, ඒ සඳහා සහයෝගය දැක්වීමට ඇති මැලිකම වැනි අභියෝගයන් ජය ගැනීමට ව්‍යාපාරික නායකයින් ඔවුන්ව ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ පිලිබඳ දැනුවත් කිරීමට පියවර ගතයුතු අතර, එමඟින් මානව සම්පත් සංවර්ධනය සහ සමාගමේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම යන අරමුණු දෙකම සාක්ෂාත් කර ගැනීමට අවස්ථාවක් උදා වේ.

සැපයුම් දාම ඩිජිටල්කරණ ප්‍රයත්නයන් සඳහා පහසුකම් සැපයෙන වන රාජ්‍ය මැදිහත් වීම් මොනවාද?

ව්‍යාපාරවලට ඩිජිටල්කරණය සිදු කල හැක්කේ කළ හැක්කේ ඔවුන්ගේ ව්‍යාපාරයට අදාළ වන විෂය පථය තුළ පමණි. උදාහරණ ලෙස සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් සම්බන්ධ කිරීමට ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම දැක්විය හැකිය. කෙසේ නමුත් සමස්ත ආර්ථිකයම ඩිජිටල්කරණය තුළ ප්‍රතිලාභ අත්කරගැනීමට නම්, ව්‍යාපාර පහසු කිරීම අරමුණු කොටගත් ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු කාර්යක්ෂමව සිදු කිරීමට රුකුල් සපයන ප්‍රතිපත්ති සම්පාදනය සහ මැදිහත් වීම් වැදගත් වේ.

උදාහරණ ලෙස ජාත්‍යන්තර වෙළඳාම තුල දේශසීමා නියාමනය හා සම්බන්ධ ආයතනය (border agencies) මඟින් ලබා දෙන සේවාවන් ඩිජිටල්කරණය තුලින් කාර්යක්ෂම කිරීමට ජාත්‍යන්තර බිහි දොරක් (National Single Window) ස්ථාපනය කිරීම තුළ ව්‍යාපාරික සැපයුම් දාමයන් අති කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමටත් වෙළෙඳ පිරිවැය අඩුකිරීමටත් අවස්ථාවක් නිර්මාණය වන අතර, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත වැනි ඒ සඳහා උත්ප්‍රේරක සපයන පනත් වල විධි විධාන වඩාත් කර්යක්ෂාව වෙළඳාම පහසුකිරීමට යොදා ගත හැකි වේ.

මෙමඟින් ශ්‍රී ලංකාව පහසුවෙන් වෙළදාම සිදු කල හැකි දේශයක් ලෙස ඉදිරියට ඒමටත්, රට තුළ සිදුවන නම්‍යශීලීභාවය සහ සුමට මෙහෙයුම් තුළ, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීමත් සිදු වනු ඇත.

 

එම නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඩිජිටල් සැපයුම් දාම වලට යොමු වීමත් එම ක්‍රියාවලිය පහසු කිරීමට ඩිජිටල්කරණය මත මෙහෙයවන රාජ්‍ය මෙහෙයුම් සකස්කිරීමටත් නොපමාව අවධානය යොමු විය යුතුය.

This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of 
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)

කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)

කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...

by Communications Economy.lkSeptember 25, 2023
වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)

වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)

විද්‍යුත්-වාණිජ්‍යය,  ජාත්‍යන්තර වෙළෙදාමට  ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග  ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...

by Communications Economy.lkSeptember 12, 2023
විද්‍යුත් වාණිජ්‍යය තුළින්  විදේශ වෙළෙදාමට ඇති අවස්ථා  පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...

by Communications Economy.lkSeptember 11, 2023
Tweet
Share
Share
0 Shares