කොවිඩ් වසංගතයෙන් අනතුරුව මෙන්ම වසංගතය පැවතුනු කාල පරිච්ඡේයේදී පවා විද්‍යුත් වාණිජ්‍යයෙහි සැලකියයුතු වර්ධනයක් දැකගත හැකි විය. ශ්‍රී ලංකාවෙහි සිල්ලර වෙළෙදාම පිළිබද සලකා බලනවිට, නුදුරු අනාගතයේදී විද්‍යුත් වාණිජ්‍යය එහි විශාල කොටසක් අත්පත් කරගනු ඇති බව අපේක්ෂා කල හැකිය. ඊට බලපාන හේතු රැසක් ඇති අතර ඉන් මුලික කරුණු හතරක් පහත පරිදි වේ.
මේ සම්බන්ධයෙන් සලකා බලන විට වඩාත් වැදගත්ම කරුණ වන්නේ අපනයන හැකියාවයි. විද්‍යුත් වාණිජ්‍ය ගත්කල ඒ තුළින් ඉතා ඉහළ අපනයන හැකියාවක් පවතී.. විද්‍යුත් වාණිජ්‍යයෙහි වර්ධනය සහ ශ්‍රී ලංකාව තුල නව්‍ය සන්නාම සහ නිෂ්පාදන බිහිවීම තුලින් ආයතන තම රටින් පිටත වෙළෙදපොල වෙත යොමුවන අතර ඒ හේතුකරගෙන විද්‍යුත් වාණිජ්‍ය තුලින් අපනයන වර්ධනය වනු ඇත.
එමෙන්ම, විද්‍යුත් වාණිජ්‍ය තුලින් විශේෂයෙන් තරුණ පරම්පරාව සහ කාන්තාවන් වෙනුවෙන් නව රැකියා අවස්ථා බිහිවනු ඇත. එහි ප්‍රථිපලයක් ලෙස විරැකියාව අඩුවීම සහ ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගිත්වය වැඩි වීම අපේක්ෂා කලහැක.
තවද, විද්‍යුත් වාණිජ්‍යයෙහි වර්ධනයත් සමග වැඩිවන නිෂ්පාදන ක්‍රියාවලිය නිසා ප්‍රවාහන සේවා සහ ඇසුරුම් ආදී කර්මාන්තයන්හි වර්ධනයක් ද දැකිය හැකි වනු ඇත. නව නිෂ්පාදනයන් තවදුරටත් බිහිවීම තුලින්, සන්නාමකරණය සහ අලෙවිකරණය (Branding and Marketing) යන අංශවල පවා නව ආයතන බිහිවනු ඇත.
විද්‍යුත් වාණිජ්‍යයෙහි වර්ධනය කෙරෙහි ඇති බාධාවන් කිහිපයක් අතුරින් ප්‍රධාන වශයෙන්ම, තාක්ෂණය වෙත පිවිසීමට ඇති බාධාවන් සහ ඒ සම්බන්ධ නිසි දැනුමක් නොමැතිවීම මුලික වශයෙන් දැක්විය හැකිය. එබැවින් විද්‍යුත් වාණිජ්‍යයෙහි නිරතවීමට නම් හුදෙක් ස්මාර්ට් දුරකතන (Smart Phone) භාවිතය පිළිබද දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර, වෙබ් අඩවියක් නිර්මාණය කිරීම, විවිධ අන්තර්ජාල වේදිකාවන් (platforms) භාවිතා කිරීම සම්බන්ධ දැනුමෙන්ද සමන්විත් වීම අත්‍යවශ්‍ය වේ. මේ හේතුකරගෙන දැනට පවතින තාක්ෂණය සහ පුද්ගලයින් විසින් සැබවින්ම එය භාවිතාකරන මට්ටමෙහි සැලකියයුතු පරතරයක් දැකිය හැක. නමුත්, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ හවුල්කාරිත්වයන්, ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා ඒවා විසඳිය හැක.
Online ගෙවීම් ක්‍රම භාවිතයට ඇති අකමැත්ත හෝ මැලිකම ද විද්‍යුත් වාණිජ්‍යයෙහි වර්ධනය කෙරෙහි ඇති තවත් බාධාවක් ලෙස හදුන්වාදිය හැකිය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල විද්‍යුත් වාණිජ්‍යයෙහි දී භාවිතාවන ප්‍රධාන ගෙවීමේ ක්‍රමය වන්නේ, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery) වන අතර, මාර්ග ගත (Online)ගෙවීම් ක්‍රමය භාවිතා වන්නේ ඉතාමත් අවම වශයෙනි. නමුත් කොවිඩ් වසන්ගතයත් සමග බොහෝ දෙනා බැංකු හරහා මුදල් හුවමාරුව (Bank Transfers) වැනි ක්‍රමයන් වෙත යොමුවුණු අතර, එවන් පසුබිමක විද්‍යුත් වාණිජ්‍යයෙදී ද සීග්‍ර වර්ධනයක් සිදුවනු ඇතැයි අපේක්ෂාකළ හැකිය. එනමුදු, දැනට ඒ සම්බන්ධ විවිධ බාධක කිහිපයක්ම පවතී.
අනෙකුත් කර්මාන්ත අංශ සමග සසදා බලන විට විද්‍යුත් වාණිජ්‍යය බෙහෙවින් අඩු බාධක සහිත අංශයකි. එබැවින් කාන්තාවන්ට තම නිවසේ සිටම ව්‍යාපාර ආරම්භ කළ හැකි බැවින්, මෙය ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම සදහා ඍජුව දායකවනු ඇත. හුදෙක් නිවසේ එදිනෙදා කාර්යභාරය ඉටුකරමින් නිවසේ රැදෙන එහෙත් විධිමත් ශ්‍රම සහභාගිත්වයක් නොදක්වන කාන්තාවන් ලෝකයේ බොහෝ අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද සුලබව දැකිය හැකි කාරණයකි. නිවසේ රැදෙමින් නම්‍යශීලි වේලාවන් තුල වැඩ කිරීමට ඇති හැකියාව හේතුකරගෙන බොහෝ කාන්තාවන් විද්‍යුත් වාණිජ්‍යය හරහා විධිමත් ශ්‍රම සහභාගිත්වයක් ලබාදේ. එබැවින් ලාංකික කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමෙහිලා විද්‍යුත් වාණිජ්‍යය මහගු මෙහෙවරක් සිදුකරයි. එමෙන්ම, ප්‍රජා පාදක වෙළෙද නාම ද විද්‍යුත් වාණිජ්‍යය තුල දැකියහැකි සුවිශේෂී අංගයකි. එය ගෘහස්ත වෙළෙද නාම, ප්‍රජා පාදක සහ ප්‍රමුඛ වෙළෙද නාම විය හැකිය. කාන්තාවන් සමාජ මාධ්‍ය තුල මෙවන් අංශ කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව පැහැදිලිව පෙනෙන අතර ඉදිරි අනාගතයේදී මෙය තවදුරටත් වර්ධනය වන බව විශ්වාසය.
සාපේක්ෂව විද්‍යුත් වාණිජ්‍යය යනු ශ්‍රී ලංකාව තුල මුල් අවධියේ පසුවන තත්වයක් වුවද ලෝකයේ අනෙක් රටවල එසේ නොවේ.එබැවින් ESG අගයන් මත පදනම්ව විද්‍යුත් වාණිජ්‍යය කර්මාන්තය දියුණු කිරීමට මෙන්ම තවදුරටත් වර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් තිබේ. එය සාක්ෂාත් කරගැනීමට නම් විද්‍යුත් වාණිජ්‍යය කර්මාන්තය ශ්‍රමය, සැපයුම් සහ ඇසුරුම් යන ප්‍රධාන අංශ තුන කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සැපයුම් දාමය තුළ ශ්‍රම තත්ත්වයන්, ඇසුරුම්කරණයෙන් සිදුවන නාස්තිය, ප්‍රවාහනය හේතුවෙන් සිදුවන කාබන් විමෝචනය වැනි කරුණු කෙරෙහි දැඩි අවධානය යොමුකළ යුතුය. එහෙත්, විද්‍යුත් වාණිජ්‍යය කර්මාන්තයට මෙම ක්ෂේත්‍ර ත්‍රිත්වයෙහි විප්ලවීය වෙනසක් සිදුකිරීමට හෝ ESG අගයන්ට අනුකුල වීමට තනිව හැකියාවක් නොමැති අතර, එම අංශයන්ට සම්බන්ධ අනෙකුත් ව්‍යාපාර ආයතනයන් ද ESG අගයන් තම ව්‍යාපාර ආකෘති, පද්ධතීන් සහ ක්‍රියාවලීන් වෙත අනුගත කිරීම අවශ්‍ය වේ. තවද මේ අංශයන් ත්‍රිත්වය සහ විද්‍යුත් වාණිජ අංශය එක්ව කටයුතු කළහොත් මේ සම්බන්ධයෙන් ධනාත්මක සංවර්ධනයක් අනාගතයේදී දැකගත හැකිවනු ඇත.
This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
Breaking the Norm: Understanding Negative Interest Rates Negative interest rates or Negative Interest Rate Policy (NIRP) have emerged as a powerful...
කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...
විද්‍යුත්-වාණිජ්‍යය, ජාත්‍යන්තර වෙළෙදාමට ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...