පරිසර හිතකාමී ප්‍රවාහන සහ කාර්යෝපාය ක්ෂේත්‍රයක් කරා (Going Green in Transport and Logistics)

Thumb

මෑත වසරවලදී ගෝලීය වශයෙන්, වෙළඳාම, කාර්යෝපාය (logistics) දාම සහ ප්‍රවාහනය ඇතුළු විවිධ අංශ, තිරසාර භාවිතයන් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් පෙන්වා ඇත. ගෝලීය අගය දාමයට රටවල් වැඩියෙන් එකඟවී වීමත් සමඟ, ප්‍රවාහන සහ කාර්යෝපාය (transport and logistics)  ක්ෂේත්‍රය තුළ පරිසර හිතකාමි විසඳුම් සඳහා දැඩි අවශ්‍යතාවයක් මතු වී තිබේ .

තිරසාර අනාගතයක් වෙත යන ගමන

ප්‍රවාහන සහ කාර්යෝපාය (transport and logistics) අංශය ඇතුළුව ලොව පුරා ව්‍යාපාරික අංශ වඩාත් තිරසාර  බලශක්ති භාවිතයන් වෙත යොමුවෙමින් සිටී. තිරසාර සංවර්ධන ඉලක්ක සහ ජාතික වශයෙන් අභිලාෂ කරගෙන ඇති දායකත්වයන් (Nationally Determined Contributions-NDCs) සමඟ එකිනෙක සමව යමින්   විද්‍යුත් සංචලනය (Electric Mobility) කැපී පෙනෙන ප්‍රවණතාවක් බවට පත්වී තිබේ.. දකුණු ආසියාතික රටවල් මෙම ප්‍රවණතාවය ක්‍රියාකාරීව වැලඳ ගනිමින් සිටින අතර විද්‍යුත් වාහන (Electric Vehicals-EVs) සහ පුනර්ජනනීය බලශක්ති (renewable energy) ප්‍රභවයන් සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගත ඉලක්ක තබා ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම ඉලක්කයන් වෙත සාර්ථකව ගමන්කළ හැකි ඵලදායි යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම මහත් අභියෝගයකි. 2021 ජූලි මාසයේදි ශ්‍රී ලංකාව, තම ජාතික ඉලක්කයන් යාවත්කාලීන කරන ලද අතර එහිදී විද්‍යුත් සංචලනය (electric mobility)  සහ පුනර්ජනනීය  බලශක්ති (renewable energy) සංරචක යන අංශ ඒකාබද්ධ කිරීම පිළිබද අවධාරණය කළේය. ඒ අනුව, කාබන් විමෝචනය (carbon emission) අවම කිරීම සහ හරිත ආර්ථිකයක් වෙත ගමන් කිරීම සම්බන්ධව දැඩි අවධානය යොමුකරමින්, පුනර්ජනනීය මූලාශ්‍රවලින් 70% ක් දක්වා බලශක්ති උත්පාදනය සාක්ෂාත් කර ගැනීම රටෙහි අරමුණයි.

ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සහ ආයෝජන

තිරසාර ප්‍රවාහන භාවිතයන් වෙත යොමුවීම, ප්‍රතිපත්ති සහ ආයෝජන යන කරුණු සම්බන්ධයෙන් අභියෝග මෙන්ම නව අවස්ථා ද ඉස්මතු කරයි. රාජ්‍ය ප්‍රතිපත්තිය, විද්‍යුත් හා පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත යොමුවීම සඳහා තීරණාත්මක උත්ප්‍රේරකයක් වන අතර රජය, පැහැදිලි දැක්මක් හා නිවැරදි ඉලක්ක ස්ථාපිත කළ යුතු අතර තිරසාර භාවිතයන් සඳහා සක්‍රීය පරිසරයක් ද නිර්මාණය කළ යුතුය. මෙම පරිවර්තනය උදෙසා විවිධ අංශවල සැලකියයුතු සම්බන්ධීකරණයක් අවශ්‍ය වේ. විද්‍යුත් වාහන සඳහා යොදාගන්නා බලශක්ති ප්‍රභවය ශුද්ධ පාරිසරික ප්‍රතිලාභ කෙරෙහි බලපාන බැවින් ප්‍රවාහන හා බලශක්ති අංශයන්හි මනා සම්බන්ධීකරණය ඉතා වැදගත් වන අතර සැබෑ තිරසාරත්වය ළඟා කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති (renewable energy) ප්‍රභවයන් වෙත යොමුවීම අවශ්‍යය වේ. ප්‍රතිපත්ති රාමූ තුල ප්‍රවාහනය, බලශක්ති සහ පාරිසරික ප්‍රතිපත්ති අතර සම්බන්ධීකරණයක් අවශ්‍ය වන සංයුක්ත සංචලතාවක් (inclusive mobility) සහ වැඩි දියුණු කළ වාතයේ ගුණාත්මකභාවය (improved air quality) වැනි පුළුල් ප්‍රතිලාභ සලකා බැලිය යුතුය. මෙම කාල රාමූව තුළ ආයෝජනය වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. තිරසාර ගමනාගමනයට දායක වීමේ වැදගත්කම රාජ්‍ය හා පෞද්ගලික යන දෙ අංශයම අවබෝධ කරගත යුතුය. මූල්‍ය ආයතන අරමුදල් සහ ආයෝජන උපාය මාර්ග හරහා පරිසර හිතකාමී මූලාරම්භයන්ට සහාය විය යුතුය. ප්‍රවාහන සහ කාර්යෝපාය (transport and logistics) ආයතන ඔවුන්ගේ භාවිතයන් තිරසාර ඉලක්ක සමඟ පෙළගැස්විය යුතු අතර සංක්‍රාන්තික කාල රාමුව තුළ සක්‍රීයව දායක විය යුතුය. මෙම අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය ආයතන, නියාමන ආයතන, මූල්‍ය ආයතන සහ ව්‍යාපාර ආයතන අතර ශක්තිමත් ප්‍රතිපත්ති සම්බන්ධීකරණයක් සහ සහයෝගීතාවයක් අත්‍යවශ්‍ය වේ.

තිරසාර ප්‍රවාහනයට යොමු වීම උදෙසා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයේ (Public-Private Prtnerships-PPPs) වැදගත්කම

ගෝලීය හරිත වර්ධන ආයතනයේ (Global Green Growth Institute- GGGI) සාමාජික රටවල අත්දැකීම්වලින් අවබෝධයක් ලබා ගනිමින් ගෝලීය වශයෙන් සහ කලාපය තුළ, පරිසර හිතකාමී   ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේදි රාජ්‍ය- පෞද්ගලික හවුල්කාරීත්වය (PPP) සැලකිය යුතු කාර්‍යභාරයක් ඉටු කර ඇත. ප්‍රවාහන ක්ෂෙත්‍රයේ දැඩි ප්‍රාග්ධන අවශ්‍යතාවය සලකා බලමින්   පෞද්ගලික අංශය ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ක්‍රියාකාරීව සම්බන්ධ වීම අත්‍යවශ්‍ය වේ. රජයේ මුලපිරීම් පමණක් ප්‍රමාණවත් නොවිය හැකි අතර, දිගුකාලීන තිරසරභාවය සඳහා පුද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. GGGI විසින් විද්‍යුත් සංචලනය (electric mobility) ඇතුළු ව දැනුම බෙදාගැනීමේ අවස්ථා වලදී සැලකිය යුතු ලෙස, සාර්ථක මුල පිරීම් කිහිපයක් ඉස්මතු කර ඇත. මෙම වැඩසටහන් වලට  උදාහරණ ලෙස, රුවන්ඩාව, මෙක්සිකෝව, ජොර්දානය සහ නේපාලයේ, තිරසාර සංචාරක ව්‍යාපාරය සහ නාගරීකරණය වූ ප්‍රදේශ සම්බන්ධ කිරීම සඳහා විදුලි බස්රථ යෙදීම වැනි විවිධ ක්ෂේත්‍රවල ඉතා ඉහල රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) පෙන්නුම් කරයි. මෙම උදාහරණ මගින් එක් එක් රටෙහි හෝ ප්‍රදේශයේ අනන්‍ය ලක්ෂණ සහ අවශ්‍යතා සලකා බලා සකස් කරන ලද මූල්‍ය සහ ව්‍යාපාරික ආකෘතීන්හි (business models) වැදගත්කම අවධාරණය කරයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) මඟින් තිරසාර ප්‍රවාහන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍යකරණය සහ විශේෂඥතාව සුරක්ෂිත කිරීමට මාර්ගයක් සපයයි. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම හැකියාවන් සහ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් මෙම හවුල්කාරිත්වයන් පරිසර හිතකාමී  ප්‍රවාහන විසඳුම් අනුගමනය කිරීමට සහ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොලේ අවශ්‍යතා සපුරාලීමට උපකාරී වේ.

තිරසාර කාර්යෝපාය (logistics) දාම සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ අංශ අතර සම්බන්ධීකරණ සහයෝගිතාව

තිරසාර කාර්යෝපාය (logistics) දාමයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රවාහන සහ කාර්යෝපාය (transport and logistics) අංශය, බලශක්ති සහ නිෂ්පාදන අංශ අතර සමීප සහයෝගීතාවයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල රජය සහ පෞද්ගලික අංශය අතර වඩාත් ශක්තිමත් සහ සම්බන්ධීකරණ සහයෝගීතාවයක් අත්‍යවශ්‍ය වේ. දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී ඉතා වැදගත්වන බැවින් මෙම හවුල්කාරිත්වය වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස ලංකා වාණිජ මණ්ඩලයට තීරණාත්මක කාර්‍යභාරයක් ඉටු කළ හැකිය. තිරසාර ප්‍රවාහන සහ කාර්යෝපාය (transport and logistics) කලාප තුළ ඇති බාධාවන් ඵලදායි ලෙස මැඩලිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ අනෝන්‍ය අවබෝධයක් ඇති කර ගැනීම ඉතා වැදගත් වේ. රාජ්‍ය ආයතන වසර ගණනාවක් තිස්සේ තිරසර භාවිතයන් වෙනුවෙන් පෙනී සිටින නමුත් අභියෝගය පවතින්නේ ‘එය කලයුත්තේ කෙසේද?’ යන සංරචකය තුළය. ‘කෙසේද?’ යන්නට මනා පිළිතුරක් ලබා ගැනීම සඳහා නිශ්චිත ක්‍රම සහ තත්ත්වයන් ඵලදායි ලෙස විසඳාගත හැකි නිසි ව්‍යාපාර ආකෘති (business models) හඳුනා ගැනීම අවශ්‍ය වේ. මෙය ක්‍රියාත්මක කිරීමේදී පෞද්ගලික අංශයේ ක්‍රියාකාරි සහභාගීත්වය ඉතා වැදගත් වේ. බොහෝ විට බාධක පැන නගින්නේ ප්‍රතිපත්ති අවශ්‍යතා සපුරාලිය නොහැකිවීම හෝ ප්‍රතිපත්ති අභිලාශ එකිනෙකට සමපාත නොවීමෙනි. ඒවා අදාල අංශ හරහා ඒකාබද්ධ කළ හැකිය. අවසාන වශයෙන් සාර්ථක තිරසාර ක්‍රමවේදයන් වෙත ගමන් කළ රටවල් තුළින් දැනුම හා අත්දැකීම් බෙදා ගැනීම තුළින් ප්‍රතිපත්ති ගොඩ නගා ගැනීම සහ ඒවා නිවැරදි හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම මගින්  තිරසාර අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළ හැකියි.

This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of 
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity

What is Freight?

කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)

කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)

කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...

by Communications Economy.lkSeptember 25, 2023
වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)

වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)

විද්‍යුත්-වාණිජ්‍යය,  ජාත්‍යන්තර වෙළෙදාමට  ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග  ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...

by Communications Economy.lkSeptember 12, 2023
විද්‍යුත් වාණිජ්‍යය තුළින්  විදේශ වෙළෙදාමට ඇති අවස්ථා  පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...

by Communications Economy.lkSeptember 11, 2023
Tweet
Share
Share
0 Shares