ශ්‍රී ලාංකික ආර්ථිකය කෙරෙහි Blockchainහි වැදගත්කම

අපි මේ වන විට Blockchain ගැන අසා ඇත්තෙමු, නමුත් සත්‍ය වශයෙන්ම එය කුමක්ද සහ එය ශ්‍රී ලාංකික ආර්ථිකයට වැදගත්වන්නේ කෙසේද යන්න හදුනාගැනීම ප්‍රයෝජනවත්ය. Blockchain යන්න ඉතා සරලව පැහැදිලි කරන්නේ නම්, එය අපි අපගේ ගිණුම් තබා ගන්නා ලේජරයකට සමානය. නමුත් එය මිලියන ගණනක් පරිගණක පුරා පැතිරී ඇත. ඔබට ලෙජරයේ වෙනසක් කිරීමට අවශ්‍ය නම්, එම වෙනස සක්‍රීය කිරීමට, ලෙජරවලින් 51%කට ප්‍රවේශ විය යුතුය. එබැවින්, Blockchain ආරක්ෂිත සහ විශ්වාසනීය ලෙජරයක් ලෙස සැලකිය හැක. 

 Blockchain තාක්ෂණය, ආර්ථිකයට සහ විශේෂයෙන්ම අපනයන සම්බන්ධයෙන් සුවිශේෂ ප්‍රතිලාභ ලබාදේ. මෙයට හේතුව වන්නේ, (Supply Chain) සැපයුම් දාමය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ඇති හැකියාව (tracability) නිසා සහ එය පද්ධතියට ඇතුළු වූ පසු නැවත වෙනස් කිරීමට අපහසු නිසා තොරතුරු පිලිබඳ ලබාදෙන  ඉහල විශ්වාසනීයත්වයයි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලාංකික තේ (Ceylon Tea) ගතහොත්, ඔබ එය මිලදීගන්නා ස්ථානයේ සිට එය වවන ලද තේ වතුයාය කුමක්ද යන්න දක්වා තොරතුරු ආපසු සොයා යා හැක. ඇඟලුම් අංශය ගතහොත්, එය නිෂ්පාදනය කරන ලද ඇගලුම්, මුල් නිෂ්පාදන (Original Product) බවට සත්‍යතාවක් සැපයීමට සන්නාමවලට උපකාර කරයි. 

 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට  Blockchain වලට අනුගතවීමේ  මූලික තාක්‍ෂණය දැනටමත් ගොඩනගා ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකුට සිය ව්‍යාපාරයේ ක්‍රියාවලීන් ඒකාබද්ධ කරමින් සාමාන්‍ය පරිගණකයක් මත Blockchain තාක්ෂණය ක්‍රියාත්මක කළ හැකිය 

 Blockchain  තාක්ෂණය තුල ක්‍රිප්ටෝ (Crypto) මුදල්වල බිහිවීම හේතුවෙන්, ගෙවීම් ක්‍රමවලද වෙනස්වීම් සිදුවී ඇත. කෙසේ වෙතත්, ක්‍රිප්ටෝ වෙතින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභය වනුයේ, PayPal වැනි ප්‍රසිද්ධ ගෙවුම් ක්‍රම රටතුල ක්‍රියාත්මක නොවුනද අභ්‍යන්තර ප්‍රේෂණ ලැබීමයි. මෙය විශේෂයෙන්ම ශ්‍රම වෙළදපොල තුල බිහිවෙමින් පවතින ගිග් ආර්ථිකය (gig-economy) වැනි නව ප්‍රවණතාවන්ට සහ අපනයන සමාගම්වලට ප්‍රතිලාභ ලබා දෙනු ඇත. ගිග් ආර්ථිකයක් යනු කෙටි කාලීන කොන්ත්‍රාත්තු හෝ නිදහස් රැකියා බහුල වීම හේතුකොටගෙන ගොඩනැගුනු ශ්‍රම වෙළඳපොළකි 

 Blockchain සම්බන්ධ විශේෂඥයන්ට අනුව, එල්-සැල්වදෝරය (EL Salvador) ලගාකරගෙන ඇති සංවර්ධනය උපුටා දක්වමින්, වේගවත් අනුගතවීමක් සඳහා නිසි පරිසර පද්ධතියක අවශ්‍යතාවය ඉතා වැදගත් බව දැක්විය හැකිය. අපනයනකරුවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට Blockchain  තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගත හැකි අතර, සමග වඩා ඉදිරියට යා හැකිය. එය දකුණු ආසියාවේ අපනයන ක්ෂේත්‍රයෙහි ඉදිරියට ගමන සම්බන්ධයෙන් සුවිශේෂී අවස්ථාවක් බව විශේෂඥයින් පෙන්වාදෙයි

This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of 
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද?

ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද?

ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද? මේ අනුව බලන කල, කොරෝනා වසංගතය මූලික  කරගෙන ශ්‍රී ලාංකික ආර්ථිකයේ...

by Communications Economy.lkMay 22, 2023
Adapting Business Changes to the Import-Export Control Regulations

Adapting Business Changes to the Import-Export Control Regulations

Adapting Business Changes to the Import-Export Control Regulations To curtail the pressure on the foreign reserves of the country, mainly...

by Communications Economy.lkMay 22, 2023
විද්‍යුත් වාණිජ්‍යයෙහි (e-commerce) හෙට දවස

විද්‍යුත් වාණිජ්‍යයෙහි (e-commerce) හෙට දවස

විද්‍යුත් වාණිජ්‍යයෙහි (e-commerce) හෙට දවස කොවිඩ් වසංගතයෙන් අනතුරුව මෙන්ම වසංගතය පැවතුනු කාල පරිච්ඡේයේදී   පවා විද්‍යුත් වාණිජ්‍යයෙහි සැලකියයුතු වර්ධනයක් දැකගත හැකි...

by Communications Economy.lkMarch 30, 2023
Tweet
Share
Share
0 Shares