මුහුදු මගින් වන භාණ්ඩ ප්‍රවාහන වියදම්, සාකච්ඡා තුලින් වඩා හොඳින් කළමනාකරණය කිරීම

භාණ්ඩ ප්‍රවාහන ගාස්තු යනු කුමක්ද?

මෙහිදී භාණ්ඩ ප්‍රවාහන ගාස්තු යනුවෙන් හදුන්වන්නේ ගුවන්, ගොඩබිම, දුම්රිය හෝ මුහුදු මගින් වැනි ඕනෑම ප්‍රවාහන මාදිලියක් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට, පුද්ගලයෙකු හෝ ව්‍යාපාරයක් දරන වියදමයි. ව්‍යාපාරයක භාණ්ඩ ප්‍රවාහන පිරිවැය සැලකිය යුතු අගයක් වන අතර, එය සාමාන්‍යයෙන් 10%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, ඒ ඒ භාණ්ඩ වර්ගය අනුව විය හැක. ව්‍යාපාරයක් සැමවිටම තම සැපයුම් දාමය තුළ සියලුම වියදම් සෘජුව පාලනය කිරීමට ප්‍රයත්න දැරුවද, යමෙක් ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවාහන පිරිවැය කොපමණ දැයි විමසුවහොත්, බොහෝවිට පිළිතුර වන්නේ, නොදන්නා බවය. මෙයින් සරලව අදහස් වන්නේ, මෙම වියදම් “ඔබ නිරීක්ෂණය නොකරන්නේ නම්, ඔබ එය කළමනාකරණයද නොකරන බවය”. 

එමනිසා මෙම ලිපිය මගින් අප ජාත්‍යන්තර “මුහුදු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු” සාකච්ඡා මගින් කළමනාකරණය කරගැනීමට ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් සඳහා අවධානය යොමු කිරීමට බලාපොරොතු වෙමු.

භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වෙළඳපොළ පිලිබඳ සමීක්ෂණයක් සිදුකිරීම

පළමු පියවර විය යුත්තේ, වර්තමාන වෙළඳපොලේ පවතින මිල ගනන් පිළිබඳව සමීක්ෂණයක් කිරීමයි. මෙමගින් ඕනෑම ව්‍යාපාරයකට තම භාණ්ඩ ප්‍රවාහනය කරන මාර්ග, වරායවල් සහ ඊට අදාල රටවල් ඉලක්කකර “ප්‍රවාහන ගාස්තු වල  වෙළඳපොලේ ඇති මිල පරාසයන් හා විචලනයන් අවබෝධ කර ගත හැකිය. එවිට, මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී, තම ව්‍යාපාරික තරගකරුවන් විසින් පරිහරණය කරන ප්‍රවාහන  ගාස්තු සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබාගතහැකිය. තවද,  මේ වනවිට තම ව්‍යාපාරයේ සම්පූර්ණ “භාණ්ඩ ප්‍රවාහන වියදම” ඔබ දැනගෙන සිටිය යුතුය. ඒ තුළින් ඔබගේ භාණ්ඩ ප්‍රවාහන වියදම් සහ වෙළඳපොලේ පවතින මිල ගනන් සංසන්දනය කර, ඔබගේ ව්‍යාපාරයට වෙළෙඳපොළ තුළින් ම ඉතාමත්  ආකර්ෂණීය හා වාසිදායක ප්‍රවාහන මිල ගනන්, නැව් සමාගම් සමග සාකච්ඡා කිරීමෙන් ඉතා පහසුවෙන් ලබාගත හැකිය. මෙම මිල ගණන් සාකච්ඡා වල දී තවත් ඔබ දැනගතයුතු “මාසික” හෝ “වාර්ෂික” දත්ත/කරුණු වන්නේ,

  • භාණ්ඩ වල සම්පූර්ණ නාවික ප්‍රවාහන වියදම. 
  • නැව්ගත කරන භාණ්ඩවල සම්පූර්ණ ප්‍රමාණයන් 
  • භාණ්ඩ නැව්ගත කරන කාලයන් සහ වාර ගණන්

බොහෝ රටවල් හෝ කලාප වල ප්‍රධාන වරායන් කීපයක් ඇත. මෙවැනි අවස්ථාවල වරායෙන් වරායට සහ බහාලුම් පර්යන්ත වල ගාස්තු වෙනස් විය හැකි බැවින්, මේ තත්ත්වයන් විමසා බැලීමෙන් ඔබට අමතර වාසිදායක ගාස්තු සහ පහසුකම් ඇති වරායන් හඳුනාගත හැක. භාණ්ඩ ප්‍රවාහන ගිවිසුම් සාකච්ඡා කිරීමේදී මෙම තොරතුරු ව්‍යාපාර වලට ඉතා වැදගත් වන බව මතක තබා ගන්න.

නව නැව් සමාගම් හෝ සේවා සපයන්නන් තෝරා ගැනීම

ප්‍රධාන මුහුදු මාර්ග වල ක්‍රියාත්මක වන සියලුම නාවික සමාගම් සහ සේවා සපයන්නන් පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කිරීම වැදගත්වේ. මෙම ක්‍රියාවලියේදී, ඔබට විශේෂයෙන් අවශ්‍ය වන නිශ්චිත මුහුදු මාර්ග වල ක්‍රියාත්මක වෙන කාර්යක්ෂම සේවා සපයන්නන් තුලින්, කීපදෙනෙක් තෝරාගෙන ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය පහසුකම් සහ ප්‍රවාහන මිල ගණන් ලබා ගැනීමට හැකිවේ.

මේ දත්ත ඔබට දීර්ඝකාලීනව විශ්ලේෂණය කිරීමෙන්, ඉතා තරඟකාරී ප්‍රවාහන මිල ගණන් ගණනය කර ගත හැකි වේ. නාවික සමාගම් හෝ සේවා සපයන්නන් ඔවුන්ගේ ටෙන්ඩර් වෙළෙඳ පොලට ඉදිරිපත් කරන්නේ වර්ෂයේ මුල් කාර්තුවේ වන අතර, එහිදී ඔබ පෙර ලබාගත් දත්ත පදනම් කරගෙන ඒ  තුළින් ඉතාමත්  දක්ෂ ලෙස නිවැරදි ටෙන්ඩර් අයදුම්පත් ඉදිරිපත් කලහැක. ඔබේ විශාල ප්‍රමාණයේ කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීමට හොඳම කාලය මෙය වන අතර, ව්‍යාපාර වල තිබෙන කුඩා නැව්ගත කරන භාණ්ඩ ප්‍රමාණයන් කීපයක් ඒකාබද්ධ කර, මුළු භාණ්ඩ ප්‍රමාණයම, එක් සේවා සපයන්නෙකු සමග තරගකාරී මිලකට ගිවිසුම්ගත වීම, ඕනෑම ව්‍යාපාරයකට ඉතා ලාබදායී විය හැක. බොහෝ වෙළඳ මුහුදු මාර්ග වල, නැව් සමාගම් හෝ සේවා සපයන්නන් වැඩි දෙනෙක් ඇත්නම්, එයින් අදහස් කරන්නේ, තරඟකාරී ප්‍රවාහන මිල ගණන් ලබාගැනීමට වැඩි අවස්ථාවක් පවතින බවයි. 

නිවැරදි මිල නියම කිරීම

මෙයට පහත සඳහන් පරිදි ක්ෂේත්‍ර කිහිපයක් ඇතුළත් වේ.

  • භාණ්ඩ ප්‍රවාහනයේ දී, ප්‍රවාහන පිරිවැය මුල සිට භාණ්ඩ අවසානයේ භාර දෙන ස්ථානය දක්වා (final destination delivery point)  පිරිවැය ගණනය කර දැනුවත් වී සිටිය යුතුය. ඒ මක්නිසාද යත්, සම්පූර්ණ භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය තුළ, භාණ්ඩ ලබන රටේ අභ්‍යන්තර ප්‍රවාහනය, වරාය පර්යන්ත ගාස්තු සහ වෙනත් අධිභාර ගාස්තු තිබිය හැකි අතර, ඒවා ඔබගේ භාණ්ඩ මිලට එකතුවූ විට, ඔබගේ විකුණුම් මිල අධික විය හැක. එමනිසා ගැනුම්කරුවන් ඔබෙගෙන් ගිලිහී යා හැකි නිසා, ගනුදෙනු අතරමග ඇනහිටීමටද  පුළුවන.

  • ඔබගේ ගනුදෙනුවේ ජාත්‍යන්තර වාණිජ කොන්දේසිය (INCO terms) කුමක් වුවත්, ඔබ සේවා ලබාගන්නා නාවික සමාගම හෝ ලොජිස්ටික් සේවා සපයන්නාගේ සම්පූර්ණ ගාස්තු මුල සිට අගටම විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් වේ. මෙමගින් විකුණුම්කරුට හෝ ගැනුම්කරුට අදාල නැති ගාස්තු මොනවාදැයි පහසුවෙන් හඳුනාගෙන,  ඒවා නිවැරදි කරගත යුතුය. 

  • ඇත්ත වශයෙන්ම භාණ්ඩ ප්‍රවාහනයේදී, ආරම්භයේ සිට අවසානය දක්වා ඇති මුළු මිල කොටස් වශයෙන් බෙදා අධ්‍යනය  කළ යුතුය . එවිට සමහර  ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (CIF or C&F) වලට අනුකූල නොවන නොයෙක් ගාස්තු  විශ්ලේෂණය කිරීමෙන් තම මුළු ප්‍රවාහන පිරිවැය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකි වන අතර, ඒ තුළින් තම වෙළෙඳ පොළේ ඉදිරියේදී ඇතිවිය හැකි මිල තරගකාරීත්වයන් පිළිබඳ, පෙර සූදානමක් ලබාගත හැකිය .

  • වෙළෙඳ පොළේ උච්චාවචනය වන ඉන්ධන මිල ගණන් නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන්න. හැකි නම්, පුරෝකථනය කරන ලද වාර්ෂික මිල ගණන්වලට වඩා, කාර්තුමය මිල ගණන් මත පදනම්ව  හෝ, ඉන්ධන මිල වෙනම අංශයක් ලෙස සලකා, ගණනය කිරීම තුලින් සැලකිය යුතු පිරිවැය ඉතිරියක්ද  ලබා ගත හැකි වනු ඇත.

විවෘත වෙළඳපොළ මිල

මෙයින් අදහස් කරන්නේ, වෙළඳපොලේ එදිනෙදා පවතින ප්‍රවාහන මිල ගණන්, ව්‍යාපාර ගනුදෙනු සඳහා භාවිතා කිරීමයි. කෙසේ හෝ සමහර අඩු ලාභදායී ප්‍රවාහන මිල තත්ත්වයන් යටතේ, ඔබට අවශ්‍යවන “සහතික ප්‍රවාහන ඉඩ වෙන් කිරීම්” (guaranteed shipping space), ඔබගේ නාවික සමාගමෙන් හෝ ලොජිස්ටික් සේවා සපයන්නන්ගෙන් නොලැබෙනු ඇත. ඒ ඔවුන් වැඩි මිලක් ගෙවන ගනුදෙනුකරුවන්ට ඒ පහසුකම සැලසිය යුතු නිසාය. නමුත් නිසියාකාරව වෙළඳපොලේ එදිනෙදා පවතින මිල ගණන් නිරීක්ෂණය කිරීමෙන්, ඔබේ ප්‍රවාහන පිරිවැය පාලනය කර ගැනීමට හොඳ අවස්ථාවන් එළඹෙනු ඇත. කෙසේ හෝ මතක තබාගත යුතු කරුණ වන්නේ, හදිසි හෝ තීරණාත්මක භාණ්ඩ නැව් ගත කිරීම් වලදී, විවෘත වෙළඳපොළේ අඩු මිල ගණන්, භාවිතය සුදුසු නොවන බවය. ඒ මක්නිසාද යත් ඔබට යම් යම් අනපේක්ෂිත ප්‍රමාදයන්ට මූණ දීමට සිදුවිය හැකි නිසාය. 

භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ගතවන කාලය සලකා බැලීම තුළින් ප්‍රතිලාභ ලබා ගැනීම

බොහෝවිට ප්‍රවාහනයට ගතවන දින ගණන හෝ  කාලය මත  ප්‍රවාහන මිල ගනන් වෙනස් වේ.එමනිසා ඔබට ඔබේ භාණ්ඩ ප්‍රවාහනයේ දී, එයට ඇති ඉල්ලුම සහ තොග පාලනය කිරීමේ හැකියාව කළමනාකරණය කළ හැකි වීම මතද, ඔබට විවිධ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවනු ඇත.

තවද භාණ්ඩ, ගමනාන්ත වරායට පැමිණීමෙන් පසු ඔබේ භාණ්ඩ සඳහා බැඳුණු “රැදවුම් ගාස්තු” (Demurrage) අවම කර ගැනීමට මතක තබා ගන්න. ඒ සමගම  භාණ්ඩ බහළුම් සම්බන්ධයෙන්, නාවික සමාගම් හෝ  සේවා සපයන්නන්  විසින් ලබාදෙන  “රැඳවුම් නිදහස් කාලයක්” (Container detention free period) ඇති බැවින්, එයද උපරිම ලෙස භාවිතා කිරීමෙන් ඔබගේ මුළු භාණ්ඩ ප්‍රවාහන පිරිවැය, අඩු කරගත හැකිය. 

උදාහරණයක් ලෙස දින 7, 14 හෝ 21 යනාදිය වශයෙන්,  “රැඳවුම් නිදහස් කාලයන්” අදාල පාර්ශවයන් මගින්, භාණ්ඩ ප්‍රවාහනයට පෙර එකඟ වූ පරිදි ලබා ගත හැක.

තවද අනිවාර්යයයෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ, මෙම  “නිදහස් රැඳවුම් කාලය” (Container Detention Free time) ඉක්ම යාමෙන් පසුව, එම ගාස්තු ඉතා අධික විය හැකි බව සහ, එම ගාස්තු ව්යුහය බොහෝවිට අතීතයටද බලපාන පරිදි අදාළ විය හැක. එම නිසා මෙම ගාස්තු ව්‍යුහය ගැන ඔබ ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතු වේ.

 

මේ ඉහත කරුණු, මුහුදු මගින් භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී භාවිතා කළ හැකි  උපදෙස් කිහිපයක් පමණි.  මෙහිදී මුල සිට අගටම ඇති සියලුම සැඟවුණු භාණ්ඩ ප්‍රවාහන  වියදම් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. නැතහොත්,   මේ පිළිබඳව මනා  දැනුමක් නොමැති පාර්ශ්වයන්ට  තරගකාරී   මිල ගණන් ලබාගැනීමට සහ පිරිවැය අවම  කරගැනීමට  ඇති අවස්ථා මග හැරෙනු ඇත.

This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of 
The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for
Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)

කෘතීම බුද්ධිය භාවිතයෙන් සැපයුම් දාම කළමනාකරණය (Artificial Intelligence in Supply Chain Management)

කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...

by Communications Economy.lkSeptember 25, 2023
වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)

වෙළෙද සන්නාමයන් විද්‍යුත්-වාණිජ්‍යය හරහා වෙළෙදපලට ප්‍රවේශ වන්නේ කෙසේද?(How can Brands Enter into the Market through E-Commerce)

විද්‍යුත්-වාණිජ්‍යය,  ජාත්‍යන්තර වෙළෙදාමට  ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග  ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...

by Communications Economy.lkSeptember 12, 2023
විද්‍යුත් වාණිජ්‍යය තුළින්  විදේශ වෙළෙදාමට ඇති අවස්ථා  පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce)

විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...

by Communications Economy.lkSeptember 11, 2023
Tweet
Share
Share
0 Shares