Home > > 2019 මූල්‍ය ප්‍රතිපත්ති අභියෝගයන්

2019 මූල්‍ය ප්‍රතිපත්ති අභියෝගයන්

'

ආර්ථික ඉදිරිදැක්ම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා පවත්වන ලද සම්මන්ත‍්‍රණයෙහි ප‍්‍රධාන දේශක වශයෙන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයක් පහත දැක්වේ.

2018 දී සිදුවූයේ කුමක්ද?

2018 වසරේදී අනුගමනය කල මූල්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳව සලකා බැලීම ඉදිරි මූල්‍ය ප‍්‍රතිපත්ති සැකසීමෙදී ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම පසුගිය අපේ‍්‍රල් මස මහ බැංකුව විසින් පොලී අනුපාතික 0.25% කින් පහත හෙලන ලද අතර මෙයට හේතු වූයේ පෙර පැවති අවම උද්ධමන අනුපාතය සහ අඩු ආර්ථික වර්ධන වේගයයි. මහ බැංකු අධිපතිතුමාට අනුව මෙම පහත දැමීම, මහ බැංකුව දැඩි මූල්‍ය ප‍්‍රතිපත්තියක සිට, ලිහිල් මධ්‍යස්ථ ප‍්‍රතිපත්ති ස්ථාවරයකට ගමන් කිරීම සනිටුහන් කරනු ලැබේ. කෙසේවුවත්, වෙළඳපොලේ පැවති රුපියලේ ද‍්‍රවශීලතා හිඟය හේතුවෙන් මහ බැංකුව විසින් තවදුටත් රුපියල් තැන්පතු සඳහාවන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පසුගිය වසරේ නොවැම්බර් මස පහත දමන ලදී. මෙමගින් බැංකු සඳහා ණය නිකුත් කිරීම වැඩිකිරීමට ඉඩකඩ ලබාදුන් නිසාවෙන් වෙළඳපොල තුලට ද‍්‍රවශීලතාවය ඇතුල් කිරීමට හැකි විය. මෙම නව ද‍්‍රවශීලතා නිකුතුව පාලනය කිරීමට ඒ සමගම මහ බැංකුව විසින් ප‍්‍රතිපත්ති අනුපාත ඉහල දමන ලදී. නමුත් 2018 වසර අවසානයේදී රුපියල ඉතා ඉහල අගයකින් අවප‍්‍රමාණය වූ අතර විදේශ විනිමය සංචිතන්හි සැලකියයුතු අඩුවීමක් දක්නට ලැබීය.

රුපියල අවප‍්‍රමාණය වීම සහ මූල්‍ය ප‍්‍රතිපත්තිය

රුපියල පසුගිය වසර තුල 19% කින් අවප‍්‍රමාණය වීම ජීවන වියදමට සැලකිය යුතු බලපෑමක් එල්ලකලද, මහ බැංකු අධිපතිතුමාට අනුව එම බලපෑම පසුගිය දශකයේ තරම් දැඩිව එල්ල නොවීය. මීට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස පසුගිය දශකයේ තරම් රටේ සහල් පරිභෝජනය අවශ්‍යතාවයෙන් විශාල කොටසක් ආනයනය නොකිරීම දැක්විය හැක. ජීවන වියදමට ලෝක වෙළඳපොලේ වෙළඳ භාණ්ඩයන්ගේ හීන වර්ධනයද අහිතකර ලෙස බලපාන ලදී.
මහ බැංකු අධිපතිතුමා තවදුරටත් සඳහන් කරන ලද්දේ රුපියල අවප‍්‍රමාණය වීමෙන් ඇතිවූ, පිරිවැයෙන් තල්ලූ වූ උද්ධමනයේ බලපෑම නාගරික ප‍්‍රදේශවලට වැඩිවශයෙන් දැනුනද, ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාව වැඩිවශයෙන් තම ගෙවත්තේ වගා කල කෘෂිබෝග මත යැපීම හේතුවෙන් ඔවුන්ට උද්ධමනයෙහි බලපෑම අවමවශයෙන් දැනුන බවයි.

2019 වසරේ සම්පූර්ණ අවධානය ආර්ථික වර්ධනයටයි. නමුත් පසුගිය වසරේ විනිමය අනුපාතයට සහ සංචිත සඳහා ඇතිවූ දැඩි බලපෑම හේතුවෙන් ආර්ථික වර්ධනය ලඟාකරගැනීමට මූල්‍ය ප‍්‍රතිපත්තිය තුළ ඇති අවස්ථාවන් අල්ප බව අධිපතිතුමා විසින් පවන ලදී. එම නිසා උද්ධමන අනුපාතය, මහ බැංකුවේ අපේක්ෂිත පරාසයේ පහල මට්ටමේ (4%-6%) පවතින නමුත් නුදුරු අනාගතයේදී පොලී/ප‍්‍රතිපත්ති අනුපාතයේ පහත දැමීමක් බලාපොරොත්තු විය නොහැක.
 

Leave a Comment

Comments