ප්‍රසම්පාදනය ඕනෑම ආයතනයක ප්‍රධාන භූමිකාවක් ලෙස සලකනු ලබන්නේ එය සාම්ප්‍රදායික මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉක්මවා යන ක්‍රියාවලියක් වන නිසාය. එහිදී භාණ්ඩ මිලදී ගැනීමට පෙර, අතරතුර සහ පසුව සිදු විය යුතු කාර්යයන් සියල්ල අන්තර්ගත වේ. එමනිසා මෙම ක්‍රියාවලිය ව්‍යාපාරයක සමස්ත පිරිවැය කෙරෙහි ඉතා වැදගත් ලෙස බලපානු ලබයි. එබැවින්, නිවැරදි උපාය මාර්ගය තෝරා ගැනීම සහ සපයන සේවාවෙහි ගුණාත්මක භාවය තහවුරු කිරීම තුල, ඕනෑම ව්‍යාපාරයකට, තම ආයෝජන මත ඉතා ඉහල ප්‍රතිලාභයක් ලබා ගත හැකි අතර, මෙහෙයුම් පිරිවැය ද ඉතා අඩු මට්ටමක පවත්වා ගත හැකිය.
ඔබ මිලදී ගන්නා භාණ්ඩ පමණක් නොව, ඒවා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, ඒවායේ පිරිවැය කෙරෙහි බලපාන ප්‍රවණතා, ගුණාත්මක භාවය සහ භාණ්ඩ වල අඛණ්ඩ සැපයුම මෙන්ම, ඒවාට බලපාන පාරිසරික හා දේශපාලන සාධක හඳුනා ගැනීම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සෑමවිටම වැදගත් වේ.
තවද, ඔබගේ සැපයුම්කරුවන් පිළිබඳව ඇති මනා අවබෝධය තුලින්, ව්‍යාපාරයක ඉල්ලුම සහ සැපයුම සම්බන්ධයෙන් ඇතිවිය හැකි බාධක හෝ නව ව්‍යාපාර අවස්ථා කලින් අවබෝධ කරගත හැකිවනු ඇත. සැපයුම්කරුවන් සමග ඔබ ගොඩනගා ගන්නා හවුල්කාරීත්වය මත ඔබේ සැපයුම්කරුගේ ව්‍යාපාරවල ලාභදායීත්වයට බලපාන අහිතකර තත්වයන් මගහරවා ගැනීම, ඔවුන්ගේ ව්‍යාපාර ජාලයන් හඳුනාගැනීම, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා වන ඔවුන්ගේ සැලසුම් වලට උපකාර කිරීම, නවෝත්පාදන සඳහා සහය දීම වැනි කරුණු වලට හවුල් වීමෙන් ඉතා කාර්යක්ෂම සැපයුම් දාමයක් ඇති කර ගැනීමට හැකි වේ.
සැපයුම්කරුවන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම, ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉමහත් පිටුවහලක් වනු ඇත. මෙහිදී, සැපයුම්කරුවන් වර්ගීකරණය කිරීම වැදගත් වන අතර, ඔවුන් සඳහා නිසි ආයෝජනයන් සිදුකරමින්, දිගුකාලින ප්‍රතිලාභ සැලසුම් සමග, උපාය මාර්ගික සබඳතා ගොඩනගා ගන්නේ කුමන සැපයුම්කරුවන් සමගද යන්න, ඔබ නිවැරදිව තීරණය කල යුතුය.
ඔබ පුළුල් පරාසයක භාණ්ඩ සහ සේවා ලබා ගන්නා විට, එක් මිලදී ගැනීමේ උපාය මාර්ගයක් සියල්ලටම නොගැලපෙන බව වටහා ගැනීම වැදගත්ය. භාණ්ඩ සඳහා ඇති අනාගත මිල ප්‍රවණතා, බාහිර බලපෑම් මත පදනම්ව පුරෝකථනය කිරීම වැදගත් වේ. නමුත්, පුරෝකථනය කරන ලද මිල, විනිමය අනුපාත වෙනස්විම් හෝ, අනාගත භාණ්ඩ තොග මිල යන සාධක සලකාබැලීම තුලින් ඔබගේ ඇනවුම් ප්‍රමාණයන් ඉතාමත් තරඟකාරී මිලකට ලබා ගැනීමට හැකි වනු ඇත.
උදාහරණයක් ලෙස, යම්කිසි ආනයන අමුද්‍රව්‍යක් නිපදවන රටවල් කීපයක, ප්‍රධාන ආර්ථික ප්‍රවණතා අනුගමනය කිරීමෙන්, එම අමුද්‍රව්‍යයේ අනාගත මිල ප්‍රවණතා පිළිබඳ ඉඟි කිහිපයක් ඔබට ලබා ගත හැකිය. මෙහිදී, වසර පුරා එක් එක් අමුද්‍රව්‍ය නිපදවන රටවල, සෘතුමය සාධක සහ අනෙකුත් දේශීය බලපෑම් වලට අනුව, ඒ ඒ රටවල් වල අපනයන හැකියාව මත, කුමන රටකින්, කුමන කාලයේ දී, කුමන අමුද්‍රව්‍ය් මිලදී ගත යුතුද යන්න පිළිබඳ අවබෝධයක් ඔබට ලබා ගතහැකිය.
ඇතැම් අමුද්‍රව්‍ය සහ භාණ්ඩ සඳහා තොග මිල දී ගැනීම් වඩාත් යෝග්‍ය වන අතර ඇතැම් අමුද්‍රව්‍ය නියමිත වේලාවට පමණක් මිලදී ගැනීම වාසිදායක වේ. මෙහිදී, සැපයුම් සහතික මට්ටම, පොරොත්තු කාලය සහ ඉල්ලුමෙහි අස්ථාවරත්වය යන සාධක මත පදනම්ව තීරණ ගැනීම සිදු කල යුතුය.
දේශීය සැපයුම්කරුවන් ගෙන් භාණ්ඩ ලබා ගන්නා අවස්ථා වලදී, හැකි උපරිම ලෙස සැපයුම්කරුවන්ට ඔබ වෙනුවෙන් තොග කළමනාකරනය කිරීමට දිරි ගන්වන්න. මේ ක්‍රමය Vendor Managed Inventory යනුවෙන් හඳුන්වන අතර, එතුලින් සියලු පාර්ශවයන්ට වියදම් ඉතිරිකිරීමේ අවස්ථා ළඟා කර ගත හැකි වේ. කුමන ක්‍රමයක් අනුගමනය කලද, ඔබගේ පිරිවැය සෑම විටම සමීපව නිරීක්ෂණය කළ යුතු අතර, අවශ්‍ය විටදී පිරිවැය පාලන උපායමාර්ගවල යම් යම් වෙනස් කිරීම් අවස්ථානුකූලව සිදු කළ යුතුය.
උපරිම මට්ටමෙන් පිරිවැය කළමනාකරණය කිරීම වැදගත් වුවත්, සම්පූර්ණයෙන්ම මිල මත පදනම් වූ සාකච්ඡා, ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට බාධාවක් විය හැක. එබැවින්, පිරිවැය සම්බන්ධව නිසි පාලනයක් තබා ගනිමින්, ගනුදෙනුවල අගය මත පදනම් කරගත් සාකච්ඡා කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. අගය මත පදනම් වීම යනුවෙන් අදහස් කරන්නේ, යම් භාණ්ඩයක හෝ සේවාවක පාරිභෝගිකයෙකුට දැනෙන වටිනාකම මත පදනම්ව මිල නියම කිරීමේ උපාය මාර්ගයයි. තවද, ගනුදෙනු පිළිබඳ සාකච්ඡා කිරීමේදී, ගනුදෙනුවේ කාලසීමාවට අවධානය යොමුකිරීම වැදගත් වේ. එමගින් ඔබට සහ සැපයුම්කරුට තම තමන්ගේ ව්‍යාපාර දිගුකාලීනව වර්ධනය කර ගැනීමට අවකාශය සැලසේ.
ප්‍රසම්පාදන සාකච්ඡා වල දී සෑම විටම, දත්ත මත පදනම් වීම වාසිදායක වේ. උදාහරණයක් ලෙස, නිෂ්පාදන පිරිවැය ගණනයේදී සැපයුම්කරුවන්ගේ ශක්තීන්, දුර්වලතා සහ ඔවුන්ගේ පිරිවැයට බලපාන වෙනත් සාධක පිළිබඳ ඔබේ දැනුම මත පදනම්ව, අතීත ප්‍රවණතා සහ අනාගත පුරෝකථනයන් වලට අනුව දත්ත විශ්ලේෂණය කළ හැකිය. ගිවිසුම් පිළිබඳ සාකච්ඡා වලදී, සෑමවිටම තම ව්‍යාපාරයේ දුර්වල තැන් පිළිබඳව අවධානයෙන් සිටීමත්, ඒ සඳහා ඇති හොඳම විකල්ප විසඳුම සමඟ සූදානම්ව සිටීමත් වැදගත් වේ.
ව්‍යාපාර තුළ බුද්ධිමත් ගිවිසුම් (smart contracts) ස්ථාපනය කිරීම ඉතාමත් ඵලදායී අංගයක් වන්නේ කොන්ත්‍රාත් කළමනාකරණයේ දී සැමවිටම සාර්ථකත්වය අත්‍යවශ්‍ය සාධකයක් වන නිසාය. එබැවින්, සේවා මට්ටම් (service levels) සහ ප්‍රධාන කාර්යසාධන දර්ශක (Key Performance Indicators (KPIs), ඇතුලත් විය යුතු අතර, ඒවා එක් එක් පාර්ශවයන්ට ගැලපෙන පරිදි ගිවිසුම් ගත විය යුතුය. කොන්ත්‍රාත්තු වලට එළැඹීම අඛණ්ඩ ව්‍යාපාරික කාර්යයක් වුවත්, එය සැමවිටම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී පිරිවැය ඉතිරි කිරීමේ බොහෝ අවස්ථා උදා කරයි.
කොවිඩ් -19 වසංගතය හා වර්තමාන ආර්ථික අභියෝග හමුවේ බොහෝ ව්‍යාපාර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල මුහුණදුන් අවිනිශ්චිතතාවයන් නිසා, හදිසි සැලසුම් කිරීමේ අවශ්‍යතාවය බෙහෙවින් ඉස්මතු වී ඇත. මෙම තත්වයන් කාලානුරූපව නිරීක්ෂණය කරනවිට, ව්‍යාපාරවලට පෙර හඳුනාගත් මෙන්ම අනපේක්ෂිත අවදානම් වලට මුහුණ දීමට සිදුවන නිසා, හදිසි අවස්ථා සඳහා ශක්තිමත්ව මුහුණ දීමට සුදුසු සැලසුම් තිබීම ඉතා වැදගත් වේ. මෙහිදී සැපයුම්කරුවන් ගේ ව්‍යාපාර භූගෝලීය හා දේශපාලන වශයෙන් මුහුණ දෙන අභියෝග පිලිබඳව, නිරන්තර අවධානයෙන් පසු වීම තුලින්, ප්‍රසම්පාදනය හා සම්බන්ධ අවදානම් අවම කරගත හැකිවනු ඇත.
මෙහිදී, විවිධ උපකල්පන මත පිහිටා, උද්ගත විය හැකි අවස්ථා හදුනාගැනීම තුලින්, අවස්ථානුකූලව විවිධ අවස්ථා වලට මුහුණ දිය යුතු ආකාරය පිලිබඳව අදහසක් ලබා ගත හැකිය. මෙමගින් සැපයුම්කරුවන්ට මෙන්ම ව්‍යාපාර වලටද උද්ගත විය හැකි හදිසි අවස්ථා සඳහා පෙර සුදානමක් ලබාගත හැකිය.
මේ අනුව බලන කල ව්‍යාපාරයකට ගත හැකි තිරසාර දිගුකාලීන හදිසි සැලසුම් පියවර මොනවාද? දිගු පොරොත්තු කාලයන් සහිත අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සුරක්ෂිත කිරීම, සියලුම ප්‍රධාන ද්‍රව්‍යවලට විකල්ප සැපයුම් පදනමක් ඇති බව සහතික කිරීම, නැව්ගත කිරීම් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් සඳහා විකල්ප ගොඩනගා තිබීම සහ ආනයනික භාණ්ඩ සඳහා දේශීය විකල්පයන් සුරක්ෂිත කර තිබීම, යන පියවර මෙහිදී වැදගත් වේ.
රන්තරයෙන් වෙනස්වන, සංකීර්ණ සහ අභියෝගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය ගැන සියලුම ව්‍යාපාර අවධානය යොමු කළ යුතුය. ඩිජිටල් ප්‍රසම්පාදනය මඟින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ පිරිවැය අඩු කිරීමට, එකම කාර්ය නැවත නැවතත් නොකර ස්වයංක්‍රියව සිදුවීමට ඉඩ සලසයි. ඒ සඳහා කෘතීම බුද්ධිය (Artificial Intelligence – AI) යොදා ගන්නා අතර, එමගින් යාවත්කාලීන තොරතුරු විශ්ලේෂණ කොට එදිනෙදා මෙහෙයුම් වලදී නිවැරදි තීරණ ගැනීම ඉතා පහසු කරයි. තවද, ඩිජිටල්කරණය තුලින් තම සැපයුම්කරුවන් සහ අනෙකුත් තෙවන පාර්ශවයන් සහ ගැනුම්කරුවන්ගේ සම්බන්ධතාවය ඉතා කාර්යක්ෂම මට්ටමකින් පවත්වාගෙන යනු ලබයි.
මේ අනුව බලන කල, ව්‍යාපාරයක අනාගත ප්‍රසම්පාදනය සඳහා ඩිජිටල් විසඳුම් කෙරෙහි යොමුවීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී ගුණාත්මක දත්ත ඔබේ පදනම වියයුතු වන අතර, එමගින් කෙරෙන, ප්‍රසම්පාදන විශ්ලේෂණ භාවිතා කිරීම තුලින්, ඔබේ ව්‍යාපාරයේ සාර්ථක වෙනස්වීමක් දැකිය හැකි වනු ඇත. ඒ සමගම ඩිජිටල්කරණය පිළිබඳව, සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම ද මෙහි ඉතා තීරණාත්මක පියවරකි.
ඉහත සාකච්ඡා කරන ලද ඉතාමත් කෙටි කරුණු සියල්ල, සාරාංශ ගත කරන්නේ නම්,
– ඔබේ භාණ්ඩ සහ සැපයුම්කරුවන් පිලිබදව මනාව දැනුවත්වන්න.
– එක් උපාය මාර්ගයක් සියල්ලටම නොගැලපෙන බව තේරුම් ගන්න.
– මිල මත පදනම් වූ සාකච්ඡා වෙනුවට අගය පදනම් කරගත් සාකච්ඡා වෙත යොමු වෙන්න.
– ස්ථිර, සැලැස්මක් ගොඩනඟා ඩිජිටල් ප්‍රසම්පාදනයේ අනාගතයට පිවිසෙන්න.
අවසාන වශයෙන් ඔබගේ ව්‍යාපාරයේ, විශේෂ අවශ්‍යතා අනුව ඔබට මෙම ඉහත කරුණු වෙනස්කරගත හැකිය. සාර්ථක ප්‍රසම්පාදනයක් කරා යන ගමනේදී, මෙහි ඇති වැදගත්කම සිතට ගන්න, ක්‍රමානුකුලව පටන් ගන්න, හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න.
This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...
විද්‍යුත්-වාණිජ්‍යය, ජාත්‍යන්තර වෙළෙදාමට ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...
විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...