ගබඩා කිරීම යනු, භාණ්ඩ නිකුත් කිරීම හෝ බෙදාහැරීම දක්වා කාලය තුල රඳවා තබා ගැනීම වන අතර, බෙදාහැරීම යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩ ආරක්ෂිතව සහ කාර්යක්ෂමව අවශ්‍ය ස්ථානවලට බෙදා හැරීමයි. මෙම ක්‍රියාකාරකම් දෙකම හා බැඳුනු ලොජිස්ටික්ස් (Logistics) අනුව කටයුතු කළ යුතු නමුත්, අදාල ස්ථානයේ භාණ්ඩ පැටවීම හෝ බෑම අදාල පාර්ශ්‍වයන්ගේ පූර්ව එකඟතාවයකට අනුව කල හැකි වේ.
වර්තමාන තත්ත්වය තුළ, තොග පාලනය (inventory), බෙදාහැරීම (distribution) සහ පාරිභෝගික සේවා (customer service) වැනි කාර්යන්, ව්‍යාපාරයක තීරණාත්මක කොටසක් නියෝජනය කරන බැවින්, මෙම ක්‍රියාකාරකම් සඳහා විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ. ඵලදායී ව්‍යාපාරික මෙහෙයුමක් සඳහා, මෙම ක්‍රියාකාරකම් දෙක වෙන වෙනම විශ්ලේෂණය කළහැකි නමුත්, මෙහෙයුම් කටයුතුවලදී මෙම ක්‍රියාකාරකම් දෙකම ඒකාබද්ධ කිරීම තුලින්, සියලු පාර්ශවයන් සදහා උපරිම කාර්යක්ෂමතාවයක් ළගා කරගැනීමටත්, පිරිවැය පාලනය කරගනිමින් අමතර ප්‍රතිලාභ ලබා ගැනීමටත් හැකිවනු ඇත.
ගබඩා කිරීමේදී, එහි ඇති උපරිම ඉඩ ප්‍රමාණය ප්‍රයෝජනයට ගත යුතු බැවින් ඒ සදහා ඉතාමත් කාර්යක්ෂම ගබඩා කළමනාකරණ පද්ධතියක් (WMS -Warehousing Management System) තිබීම ඉතා වැදගත් වේ. මේ WMS පද්ධතිය හා බැඳුනු අංගයක් වන්නේ කාර්යක්ෂම රාක්ක පද්ධතියකි. (Efficient Racking System). මෙමගින් පවතින ගබඩාවේ සිරස් අතට ඉඳිවෙන රාක්ක මගින් ගබඩා මෙහෙයුම් සඳහා නව ඉඩ ප්‍රමාණයක් ලබා දෙන අතර, කාර්යක්ෂමතාවය සහ වියාපාරයේ අදායම වැඩි කරනු ලබයි
ඔබ නව තාක්‍ෂණය යොදාගනිමින් කාර්යක්ෂම ගබඩා කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කළ පසු, සාමානය ප්‍රවණතාවය නම්, වසර කිහිපයක් යනතුරු වැඩි අවධානයකින් තොරව එය දිගටම පවත්වාගෙන යාමයි. එමනිසා මෙමගින් බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ප්‍රතිලාභ ගිලිහී යාහැකි නිසා, අවම වශයෙන් වසර දෙකකට වරක්වත් පවතින කළමනාකරණ පද්තිධතිය අධීක්ෂණය කොට එයට අවශ්‍ය ලෙස සංශෝධනය කිරීම අඛණ්ඩව සිදු කළ යුතුය.
තවද , ඔබගේ ව්‍යාපාරයේ ගබඩා කිරීම සහ බෙදාහැරීම හා සම්බන්ධ මානව සම්පත්ද වරින්වර, කාලානුරූපව ඇගයීම වැදගත් වේ. එතුලින් ඔබගේ ව්‍යාපාරයේ මානව සම්පත් වල ඇති අඩුපාඩු මගහරවාගනිමින්, කාර්යක්ෂම හා ලාභදායී ක්‍රියාමාර්ග වලට අනුගත විය හැක. එමෙන්ම, භාණ්ඩ ගබඩා සැලසුම්, තොග කළමනාකරණ උපාය මාර්ගද වර්තමානයට සුදුසු අයුරින් සකසා ගත යුතු වේ.. එවිට ඔබේ ව්‍යාපාරයට පහසුවෙන් වෙළෙඳපොල තරඟකාරීත්වයට මුහුණ දියහැක. වඩාත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ, වර්තමාන සැපයුම් දාමය සහ ලොජිස්ටික්ස් කර්මාන්තය සෑම මොහොතකම වෙනස්කම්වලට භාජනය වන නිසා ඔබේ ගබඩා කළමනාකරණයද ඒ අනුව වෙනස්විය යුතුය යන්නයි.
ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය ඉහල නැංවීම සඳහා, අධි තාක්ෂණය යොදාගැනීම වැදගත් බැව් ප්‍රකාශ කිරීම ඉතා පහසුය. නමුත් එය ඉතා මිල අධික බැවින්, එවැනි යෝජනා බොහෝ ව්‍යාපාරවලට දැරිය නොහැක. නමුත් අප මෙම යෝජනා තුලින් බලාපොරොත්තුවන්නේ, දැනට පවතින පද්ධතිය තුලින් ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමයි. ඒ සඳහා “ස්ව්‍යංක්‍රීය වාහක පටි (automated conveyor belts) වැනි සරල විසඳුම් හඳුන්වාදීම තුලින්, මිනිස් ශ්‍රමයේ අවශ්‍යතාවය අඩුකර කාර්යක්ෂමතාවය ඉහල නංවා, ඔබගේ ව්‍යාපාරයට බොහෝ වාසිදායක තත්ත්වයන් ඇතිකරගත හැක.
බෙදාහැරීමේ ක්‍රියාවලිය එනම් “Distribution” පිලිබදව විමසා බැලීමේදී, එයට අදාළ වන, ප්‍රවාහනය සහ සැපයුම් ක්‍රියාවලිය (transport and logistics), ඉතා ලාභදායී විය හැකි නමුත් එයට ඇත්තේ ඉතාමත් ඉහළ තරඟකාරී වෙළෙඳපොළකි. එමනිසා, බොහෝ අය මෙම ක්‍ෂේත්‍රයට ආර්ථික වාසි නිසා ආකර්ෂණය වුවත්, මෙම සේවාව නිසියාකාරව, සාර්ථකව සැපයීමට, ඒ සඳහා ඉහළ මට්ටමේ මූලික නිපුණතාවයන් අවශ්‍ය වේ.
ඔබගේ මෙහෙයුම් පිරිවැය පිලිබඳ නිරන්තර අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වේ. මෙහිදී ඔබගේ ව්‍යාපාරයට අදාළ වන ස්ථාවර පිරිවැය සහ විචල්‍ය පිරිවැය (fixed and variable costs) ගැන නිශ්චිත දැනුමක් නොමැති නම්, ව්‍යාපාරයේ ලාභ අලාභ ගණනයේදී බොහෝ දුෂ්කරතා පැන නගිනු ඇත. මෙහිදී ස්ථාවර පිරිවැය යනු රියදුරු වැටුප්, බලපත්‍ර ගාස්තු, රක්ෂණ ගාස්තු යනාදිය වන අතර, විචල්‍ය පිරිවැය වන්නේ, ඉන්ධන සහ නඩත්තු ගාස්තු යනාදිය වේ.
මෙම ක්‍ෂේත්‍රයේදී ඉන්ධන පිරිවැය පිළිබඳව් දැඩි අවධානයෙන් සිටිය යුතුය. මෙය දුෂ්කර කාර්යයක් වුවද ස්වයංක්‍රීය ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් තුලින් (automated transport management system), එය පහසුවෙන් කළ හැකිවේ. මෙහිදී ට්‍රක් රථවල ඉන්ධන භාවිතය නිරීක්ෂණය කල හැකි අතර, එමගින් කාර්යක්ෂම ගිණුම්කරණ පද්ධතියක් ස්ථාපිත කොට ඒ හරහා විකල්ප ඉතිරිකිරීම් අවස්ථා නිර්මාණය කරගත හැකි වේ. කෙසේ වුවත් ඇතැම් ව්‍යාපාර මෙම කාර්යය සම්ප්‍රදායක ක්‍රමයට එනම් අතින් ගණනය කිරීම සිදු කරන අතර (manual calculation) මෙහිදී, බොහෝ දුරට දෝෂ සහගත ප්‍රථිපල ලැබීම තුළ, ව්‍යාපාරයේ ආදායම් තත්වය නිශ්චිතව සහ පහසුවෙන් සොයාගැනීමට ද අපහසුවේ.
මෙහිදී ‘වැඩි භාණ්ඩ ප්‍රමාණයක්’, ‘අඩු ගමන් වාරයකින් ‘ යන උපාය මාර්ගය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එසේම සෑමවිටම රථයක මුළු ධාරිතාවය ප්‍රයෝජනයට ගත යුතු වේ. අඩුවෙන් භාණ්ඩ ගෙන යාම සහ හිස්ආපසු පැමිණීම් (empty return trips) නොකළ යුතුය. ප්‍රවාහනයේදී උපරිම කාර්යක්ෂම මාදිලි ඒ ඒ ගමන් වාර මත හෝ අවස්ථානුකූලව තෝරාගත යුතු වේ. උදාහරණ වශයෙන්:
ඉහත කී විවිධ ක්‍රම අනුගමනය කිරීමට ඇති හැකියාව, තම ව්‍යාපාරයේ ස්වභාවය මත රඳා පවතී.
බෙදාහැරීමේ ක්‍රියාවලිය (distribution) තුළ, සෑම විටම කෙටි කාලයකින් වේගවත්ව භාණ්ඩ බෙදාහැරීම ප්‍රමුඛ වේ. තවද වර්තමාන ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහල නංවාගැනීම සඳහා, භාණ්ඩ පටවන ලද රථය භාණ්ඩ ප්‍රවාහන කාලය තුලදී සැමවිටම පවතින ස්ථානය දැනගැනීම, ඉතා වැදගත් සාධකයක් වේ. එබැවින් GPS සහ Geofencing වැනි තාක්ෂනයන් භාවිතා කිරීමෙන්, බෙදාහැරීම් පද්ධතිය තුල භාණ්ඩ පවතින ස්ථානය පිළිබද යාවත්කාලීන තොරතුරු ලබාගත හැකිවේ. GPS මගින් භාණ්ඩ ඇති රථය ඇති නිශ්චිත ස්ථානය දක්වන අතර, Geofencing මඟින් භාණ්ඩ ඇති රථය ඔබේ ව්‍යාපාරික සීමාවන්ට ඇතුළු වීමට නියමිත වේලාව දක්වයි. මෙම තොරතුරු කල්තියා දැනගැනීම තුලින් ව්‍යාපාරික මධ්‍යස්ථානයේ භාණ්ඩ බෑම හෝ පැටවීම ප්‍රමාදයකින් තොරව කරගනිමින් භාණ්ඩ ප්‍රවාහන රථ ඉක්මනින් මුදාහැරිය හැක. එමගින් ඔබගේ කාලයත්, මුදලුත් ඉතිරිවන අතර ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමේ හැකියාව පවතී. එමෙන්ම, මෙවැනි පද්ධති හරහා භාණ්ඩ ලැබීම් පිලිබඳ තොරතුරු මෙහෙයුම් කාර්යමණ්ඩලයට කල්තියා දැනුම්දීමෙන්, මෙහෙයුම් සහ සැලසුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකල හැකි වේ.
මෙම ලිපියෙහි දක්වා ඇත්තේ ගබඩාකිරීමේ සහ බෙදාහැරීමේ ක්‍රියාවලියේදී, ඕනෑම අවස්ථාවක භාවිතා කළහැකි ඉඟි අතලොස්සක් පමණි. මෙම ක්ෂේත්‍රය ඉතා වේගයෙන්, තාක්ෂණය අනුව වෙනස්වන බැවින් ව්‍යාපාර ලොව තුල සිදුවන වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් ය.
This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
ආනයන -අපනයන පාලන රෙගුලාසි වෙනස්වීම් වලට ඔබේ ව්‍යාපාරයඅනුගතවන්නේ කෙසේද? මේ අනුව බලන කල, කොරෝනා වසංගතය මූලික කරගෙන ශ්‍රී ලාංකික ආර්ථිකයේ...
Adapting Business Changes to the Import-Export Control Regulations To curtail the pressure on the foreign reserves of the country, mainly...
විද්‍යුත් වාණිජ්‍යයෙහි (e-commerce) හෙට දවස කොවිඩ් වසංගතයෙන් අනතුරුව මෙන්ම වසංගතය පැවතුනු කාල පරිච්ඡේයේදී පවා විද්‍යුත් වාණිජ්‍යයෙහි සැලකියයුතු වර්ධනයක් දැකගත හැකි...