ජාත්‍යන්තර වාණිජ කොන්දේසි එසේ නැත්නම් INCO Terms ලෙස අප හඳුන්වන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම තුල භාවිතා වන වාණිජ නියමයන් සමූහයකි. විකිණුම්කරුවෙකුගේ සිට ගැනුම්කරුවෙකු වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය තුළදී , එම භාණ්ඩ හා සම්බන්ධ වගකීම්, පිරිවැය සහ අවදානම් පිලිබඳ නිශ්චිත නිර්වචනයන් ලබාදීම INCO Terms මගින් සිදු කරයි.
මෙම නියමයන් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce) විසින් ප්‍රකාශයට පත් කර ඇති, ස්වෙච්ඡාවෙන් අනුගමනය කළ හැකි, ගෝලීය වශයෙන් පිළිගත් නීති රීති මාලාවකි. දැනට අන්තර්ජාතික වෙළෙඳාම තුල ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ 2010 සහ 2020 වර්ෂවලදී ප්‍රකාශයට පත් කරන ලද, ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (Inco terms) මාලාවන්ය. මෙම ප්‍රකාශනයන් දෙකම ඔබේ වෙළඳ ගනුදෙනුවල භාවිතය සඳහා වලංගු වේ. නමුත් මතක තබාගත යුතු කරුණ වන්නේ, ඔබේ සියලුම විකුණුම් ගිවිසුම්වල, එනම් sales contract වල, ඔබ තීරණය කරන ජාත්‍යන්තර වාණිජ කොන්දේසි මාලාවට, අදාල වසර පැහැදිලිව සඳහන් කළ යුතු බවය. උදාහරණයක් වශයෙන් Incoterms® 2020 සඳහන් කළ හැකියි.
2020දී නිකුත් කළ නවතම INCO නියමයන්ට අනුව වාණිජ කොන්දේසි C, D, E, සහ F ලෙස කාණ්ඩ හතරකට වෙන් කර ඇත. මේවා විකිණුම්කරු සහ ගැනුම්කරු අතර භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලියේදී ප්‍රවාහන ගාස්තු ගෙවීම්. අවදානම්, සහ වගකීම් දැරිය යුතු ආකාරය අනුව වර්ගීකරණය කර ඇත.
කාණ්ඩය | අදාළ වාණිජ කොන්දේසි |
C කාණ්ඩය: විකුණුම්කරු විසින් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය සහ ඊට අදාළ අනෙකුත් වියදම් දැරීම සිදු කරයි.
| CFR – Cost and Freight CIF – Cost Insurance and Freight CPT- Carriage Paid To CIP – Carriage and Insurance Paid To |
D කාණ්ඩය: විකුණුම්කරු භාණ්ඩ නිශ්චිත ස්ථානයකට හෝ ගමනාන්ත වරායකට භාර දීම සහ ඊට අදාළ වියදම් දැරීමට බැඳී සිටී.
| DAP – Delivered at Place DPU – Delivered at Place Unloaded DDP – Delivered Duty Paid |
E කාණ්ඩය: විකුණුම්කරු එකඟ වූ බෙදාහැරීමේ ගබඩාවකින් හෝ එවැනි ස්ථානයකින් ගැනුම්කරුට භාණ්ඩ ලබා ගත හැකිය.
| EXW – Ex Works |
F කාණ්ඩයට: විකුණුම්කරු ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයට වියදම් නොගෙවන නමුත්, එකඟ වූ ස්ථානයකට භාණ්ඩ බාර දෙන අතර ඒ බාරදීම දක්වා අදාළ වියදම් ද දරයි.
| FCA – Free Carrier FAS – Free Alongside Ship FOB – Free On Board |
මෙහිදී දැනගත යුතු තවත් කරුණක් ඇත. එනම් ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය පදනම්කර, ජාත්‍යන්තර වාණිජ කොන්දේසි කොටස් දෙකකට බෙදා ඇත. උදාහරණයක් ලෙස, FAS, FOB, CFR, සහ CIF වැනි ජාත්‍යන්තර වාණිජ කොන්දේසි නියමයන්, (INCO terms) මුහුදු සහ අභ්‍යන්තර ගංගා ජල මාර්ග සඳහා පමණක් වන අතර, අනෙකුත් සියලුම නියමයන් ඕනෑම ප්‍රවාහන මාධ්‍යයකට හෝ මාධ්‍ය සංයෝජනයකට, භාවිතා කළ හැක.
ඕනෑම ප්‍රවාහන මාධ්‍යක් සඳහා අදාළ | මුහුදු සහ අභ්‍යන්තර ගංගා ජල මාර්ග |
EXW – Ex Works FCA – Free Carrier CPT – Carriage Paid To CIP – Carriage and Insurance Paid To DAP – Delivered at Place DPU – Delivered at Place Unloaded DDP – Delivered Duty Paid | FAS – Free Alongside Ship FOB – Free On Board CFR – Cost and Freight CIF – Cost Insurance and Freight
|
ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන බොහෝ අපනයනකරුවන් හා ආනයනකරුවන් නොදැනුවත්කම නිසා වැරදි ජාත්‍යන්තර වාණිජ කොන්දේසි භාවිතා කරනු ලබයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවේ නිවැරදි ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (INCO terms) වලට සම්පූර්ණ අවධානය යොමු නොකිරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර වෙළඳාමේදී භාණ්ඩ වල හිමිකම් සහ වියදම් සම්බන්ධ ආරවුල් වලට මුණ පෑමට සිදුවෙන අතර, අවසානයේදී ඉතා සංකීර්ණ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවී විශාල මූල්‍ය හා ව්‍යාපාරික පාඩු ලැබීමට සිදු විය හැක. මේ ආකාරයට බොහෝ වෙළඳුන් විසින් සිදුකරන වරදක් වන්නේ , බහාලුම් ප්‍රවාහනයේදී (Container transport) “FCA” ජාත්‍යන්තර නියමය වෙනුවට FOB නියමය භාවිතා කිරීමයි. එබැවින් ඔබේ ජාත්‍යන්තර වෙළඳාම නිසියාකාරව ඉදිරියට පවත්වාගෙනයාමට, ඔබ භාවිතා කරන (inco terms) ජාත්‍යන්තර වාණිජ කොන්දේසි නිවැරදිව දැන ගැනීම ඉතා වැදගත් වනවා .
තවද දැනගත යුතු කරුණක් වන්නේ, ජාත්‍යන්තර වාණිජ කොන්දේසි 2020 ට අනුව (INCO Terms 2020), “CIP” නියමය සඳහා වෙළෙඳ භාණ්ඩ සම්බන්ධයෙන් ” A වගන්ති ’ අඩංගු වන පුළුල් රක්ෂණ ආවරණයක් අවශ්‍ය වන බවයි. අනෙකුත් සියලුම ජාත්‍යන්තර වාණිජ කොන්දේසි සඳහා (INCO Terms), භාවිතා කරන වාණිජ කොන්දේසියට අනුව, විකුණුම්කරු හෝ ගැනුම්කරු, අදාළ පාර්ශවයේ වගකීම මත පදනම්ව රක්ෂණ ආවරණය ලබා ගත යුතුයි.
තවද ජාත්‍යන්තර වෙළඳාමේ දී ඔබ සිහි තබාගත යුතු කරුණක් වන්නේ, වාණිජ කොන්දේසි (INCO Terms) තම විකුණුම් කොන්ත්‍රාත්තුවේ (sales contract) එක් කොටසක් පමණක් බවයි. ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (INCO Terms) කිසිවිටෙකත් අන්තර්ජාතික ගනුදෙනුවකදී, භාණ්ඩවලට ගෙවිය යුතු මිල, ගෙවීමේ ක්‍රමය හෝ භාණ්ඩ සඳහා ගෙවීම් ලබන බවට සහතිකයක් නොවන බවයි. ඒ සමගම, ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (INCO Terms) නියමයන් මඟින් භාණ්ඩවල හිමිකාරිත්වය පැවරීම හෝ වෙළෙඳ කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම හෝ නිෂ්පාදන භාණ්ඩවල ගුණාත්මක තත්වය, සම්බන්ධයෙන් කිසිඳු වගකීමක් නොදරන බව මතක තබා ගන්න. මෙවැනි අවදානම් සහ වගකීම් සියල්ල වෙන් වෙන් වශයෙන් විකිණීමේ කොන්ත්‍රාත්තුවේ (sales contract) විශේෂයෙන් සඳහන් කළ යුතුය.
අවසාන වශයෙන්, ගැනුම්කරු සහ විකුණුම්කරු යන දෙදෙනාම භාවිතා කරන ජාත්‍යන්තර වාණිජ කොන්දේසියේ (INCO Term) ඇති භූමිකාවන් සහ වගකීම්, ජාත්‍යන්තර ගනුදෙනුවකට එලබීමට පෙර හොඳින් තේරුම් ගත යුතුය
ඒ අනුව, නිවැරදි ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (INCO Terms) භාවිතා කිරීම තුලින් අපට අන්තර්ජාතික ගනුදෙනුවකදී භාණ්ඩ ප්‍රවාහනයේ දී ඇතිවිය හැකි නොයෙක් වියදම් සහ වගකීම් සම්බන්ධ ගැටළු සහ ආරවුල් රාශියක් ඉවත්කරගෙන, ගනුදෙනුව මනාව කළමනාකරණය කර ගත හැකිය.
මෙහිදී අප සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ දී අවශ්‍යවන, ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (INCO Terms) වලින් ඉතාමත් මූලිකව දැනගත යුතු කරුණු සහ ඉඟි කිහිපයක් පමණයි. අන්තර්ජාතික වෙළඳාමේ දී, ජාත්‍යන්තර වාණිජ කොන්දේසි (INCO Terms) සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලැබිය යුතු නිසා, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce) විසින් ප්‍රකාශයට පත්කර ඇති නව Incoterms® 2020 නීති රීති පොත අධ්‍යයනය කර මේ විෂය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබා ගන්නාලෙස අපි ඔබට යෝජනා කරමු.
බෙදාහැරීමේ ක්‍රියාවලිය (distribution) තුළ, සෑම විටම කෙටි කාලයකින් වේගවත්ව භාණ්ඩ බෙදාහැරීම ප්‍රමුඛ වේ. තවද වර්තමාන ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහල නංවාගැනීම සඳහා, භාණ්ඩ පටවන ලද රථය භාණ්ඩ ප්‍රවාහන කාලය තුලදී සැමවිටම පවතින ස්ථානය දැනගැනීම, ඉතා වැදගත් සාධකයක් වේ. එබැවින් GPS සහ Geofencing වැනි තාක්ෂනයන් භාවිතා කිරීමෙන්, බෙදාහැරීම් පද්ධතිය තුල භාණ්ඩ පවතින ස්ථානය පිළිබද යාවත්කාලීන තොරතුරු ලබාගත හැකිවේ. GPS මගින් භාණ්ඩ ඇති රථය ඇති නිශ්චිත ස්ථානය දක්වන අතර, Geofencing මඟින් භාණ්ඩ ඇති රථය ඔබේ ව්‍යාපාරික සීමාවන්ට ඇතුළු වීමට නියමිත වේලාව දක්වයි. මෙම තොරතුරු කල්තියා දැනගැනීම තුලින් ව්‍යාපාරික මධ්‍යස්ථානයේ භාණ්ඩ බෑම හෝ පැටවීම ප්‍රමාදයකින් තොරව කරගනිමින් භාණ්ඩ ප්‍රවාහන රථ ඉක්මනින් මුදාහැරිය හැක. එමගින් ඔබගේ කාලයත්, මුදලුත් ඉතිරිවන අතර ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමේ හැකියාව පවතී. එමෙන්ම, මෙවැනි පද්ධති හරහා භාණ්ඩ ලැබීම් පිලිබඳ තොරතුරු මෙහෙයුම් කාර්යමණ්ඩලයට කල්තියා දැනුම්දීමෙන්, මෙහෙයුම් සහ සැලසුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකල හැකි වේ.
මෙම ලිපියෙහි දක්වා ඇත්තේ ගබඩාකිරීමේ සහ බෙදාහැරීමේ ක්‍රියාවලියේදී, ඕනෑම අවස්ථාවක භාවිතා කළහැකි ඉඟි අතලොස්සක් පමණි. මෙම ක්ෂේත්‍රය ඉතා වේගයෙන්, තාක්ෂණය අනුව වෙනස්වන බැවින් ව්‍යාපාර ලොව තුල සිදුවන වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් ය.
This article is a part of the Business Tips for Trading Across Borders series — A collaborative effort of The Ceylon Chamber of Commerce and United States Agency for International Development (UASID) Partnership for Accelerating Results in Trade, National Expenditure and Revenue (PARTNER) Activity
කෘතීම බුද්ධිය භාවිතය කෙරෙහි යොමු විය යුත්තේ ඇයි? (Why Embrace Artificial Intelligence?) වත්මන් සැපයුම් දාම ජාලයන් අතීතයේ පැවති වෙළෙද අභිලාශයන්ට...
විද්‍යුත්-වාණිජ්‍යය, ජාත්‍යන්තර වෙළෙදාමට ප්‍රවේශ කරමින් සිදු කරන ලද විප්ලවීය වෙනසත් සමග ගෝලීය ආර්ථික වර්ධනය 2023 දී 10.4% දක්වා ළඟා වනු...
විද්‍යුත් වාණිජ්‍යය තුළින් විදේශ වෙළෙදාමට ඇති අවස්ථා පුළුල් කිරීම (Unlocking the Potential of Cross-Border Trade through E-Commerce) විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce)...